වියට්ජෙට්හි දින තුනක 9.9 විශේෂ දීමනාව හරහා ඇමරිකානු ඩොලර් 90 සිට වියට්නාමයට ගුවන් ප්‍රවේශපත්

ENG-DELUXE-KV-SALE-9-9 (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව, 2026 සැප්තැම්බර් 07 – ශ්‍රී ලාංකික සංචාරකයින්ට සිය මීළඟ වියට්නාම සංචාරය සැලසුම් කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙමින් වියට්ජෙට් දින තුනක 9.9 විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ වියට්ජෙට් එයාර් මඟින් ආරම්භ කරන ලද කොළඹ – හෝ චි මිං නගරය අතර නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට සියලු බදු හා ගාස්තු ඇතුළුව ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට මගීන්ට අවස්ථාව හිමි වේ.  මීට අමතරව, Deluxe ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තු සඳහා 22%ක වට්ටමක් ද හිමි වනු ඇත.

මෙම දීමනාව 2026 සැප්තැම්බර් 7 වන දින පස්වරු 22:30 සිට සැප්තැම්බර් 10 වන දින පස්වරු 21:30 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්) වලංගු වේ. මෙම දීමනාව මගින් Eco පන්තියේ විශේෂ ගාස්තු වියට්නාමයේ අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් මාර්ග සඳහා ද ලබා ගත හැකි අතර, SALE99 යන කේතය භාවිත කිරීමෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා Deluxe ගාස්තු යටතේ වට්ටමක් ලබාගත හැකිය. 2026 සැප්තැම්බර් 10 සිට 2027 මාර්තු 31 දක්වා කාල සීමාව අතර සංචාරය කිරීම සඳහා www.vietjetair.com වෙබ් අඩවිය සහ “Vietjet Air” වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම, ප්‍රවේශපත්‍ර කාර්යාල හරහා ආසන වෙන්කරවා ගැනීමේ හැකියාව පවතියි (විශේෂ දින/Blackout dates අදාළ වේ).




වියට්ජෙට් එයාර් මගින් 2026 අගෝස්තු 18 වැනිදා සිට ආරම්භ කළ කොළඹ සිට හෝ චි මින් නගරය දක්වා නව ගුවන් ගමන් සේවාව හරහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට වියට්නාමය වෙත සෘජුවම ගමන් කිරීමේ අවස්ථාව සලසා දී ඇත. මෙම ගුවන් ගමන් ජාලය හරහා ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය සහ ඉන් ඔබ්බට පිහිටි බොහෝ ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව ද හිමි වනු ඇත. එළඹෙන ඔක්තෝබර් මාසයේදී හැනොයි (Hanoi), අල්මාටි (Almaty) සහ ප්‍රාග් (Prague) වෙත නව ගුවන් ගමන් ආරම්භ කිරීමට වියට්ජෙට් සැලසුම් කර තිබේ. ඒ අනුව, ප්‍රථම වරට යුරෝපා සංගමයේ ගුවන් ගමන් වෙළෙඳපොළ වෙත පිවිසීමට ගුවන් සමාගමට හැකි වනු ඇත. මෙම වසර අගදී සහ ලබන වසරේ මුල් භාගයේදී වියට්නාමය සහ ජපානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තවත් නව ගුවන් මාර්ග රැසක් එක් කිරීමට නියමිතව තිබේ. මෙම නව ගුවන් මාර්ග එක් වීමත් සමඟ, හෝ චි මිං නගරයේ පිහිටි වියට්ජෙට් ගුවන් මධ්‍යස්ථානය හරහා ඉදිරි ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ අවස්ථාව ශ්‍රී ලාංකික සංචාරකයින්ට හිමි වේ.

අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත නවීන ගුවන් යානාවලින් සමන්විත වියට්ජෙට් සේවාව තෝරාගන්නා මගීන්ට, සහනදායී ගාස්තු මෙන්ම සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබන උණුසුම්, රසවත් ආහාර වේලක රස විඳීමේ අවස්ථාවද හිමි වේ. පොළොවේ සිට මීටර් 10,000ක් පමණ ඉහළ අහසේදී සංස්කෘතික හා විනෝදාස්වාද වැඩසටහන් විඳගන්නා අතරතුර, වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන ‘ෆෝ’ (Pho) සහ ‘බාන් මී’ (Banh Mi) ඇතුළු රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර එය මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.

 




  

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව