
ශ්‍රී ලංකාවේ SWARAJ ට්‍රැක්ටර් සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO Agribusinesses, සිය සිව්වැනි වසරටත් ක්‍රියාත්මක කළ “SWARAJ පරපුර” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කළේය. “දොරින් දොරට ගෙවදින සබැඳියාව” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ අරමුණ වූයේ එළඹෙන මහ කන්නය සඳහා ගොවීන් සහ ඔවුන්ගේ SWARAJ ට්‍රැක්ටර් සූදානම් කිරීම මෙන්ම, වඩාත් විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමයි.
ජූලි මාසය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල SWARAJ පාරිභෝගිකයින් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන හරහා DIMO Agri Machinery හි සේවා කණ්ඩායම් පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙතම ගොස් සේවා සැපයීය. එමඟින් ගොවි ප්‍රජාව සමඟ ඇති සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අවශ්‍ය තාක්ෂණික සහ අලෙවියෙන් පසු සේවාවන් ඔවුන් වෙතම ගෙන ඒමට හැකි විය.
මෙහිදී SWARAJ ට්‍රැක්ටර් නොමිලේ පරීක්ෂා කිරීම, අවශ්‍ය ස්ථානවල සුළු අලුත්වැඩියා සහ සේවා කටයුතු සිදු කිරීම මෙන්ම ට්‍රැක්ටරයේ කාර්යක්ෂමතාව, කල්පැවැත්ම සහ විශ්වාසනීයත්වය වැඩිදියුණු කර ගැනීම සඳහා අවශ්‍ය නඩත්තු උපදෙස් ලබාදීම ද සිදු කෙරිණි. මහ කන්නයේ වැදගත් කෘෂිකාර්මික කටයුතු අතරතුර ඇතිවිය හැකි අනපේක්ෂිත බිඳවැටීම් අවම කර ගැනීමට ද අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු විය. SWARAJ පාරිභෝගිකයින්ගේ අඛණ්ඩ විශ්වාසයට කෘතඥතාව පළ කරමින් ඔවුන් වෙත ත්‍යාග ද පිරිනැමිණි.
එමෙන්ම, SWARAJ හි නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද ජෙනුයින් අමතර කොටස් සහ DIMO Agri Machinery වෙතින් ලබාගත හැකි වැඩිදියුණු කළ අලෙවියෙන් පසු සේවාවන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමට ද මෙම වැඩසටහන මඟින් අවස්ථාව සැලසිණි. ගොවි ප්‍රජාව වෙත තාක්ෂණික දැනුම සහ සේවාවන් සෘජුවම ගෙන යාම තුළින් “SWARAJ පරපුර” වැඩසටහන SWARAJ පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ විශ්වාසනීය හිමිකාරීත්ව අත්දැකීමක් ලබාදීමට අඛණ්ඩව දායක වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “SWARAJ පරපුර” වැඩසටහන මඟින් පාරිභෝගිකයින්ගේ වාහන හිමිකාරීත්ව ගමන පුරාම ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට DIMO සතු කැපවීම පිළිබිඹු කරනවා. මහ කන්නයට පෙර පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙතම ගොස් තාක්ෂණික සහාය ලබාදීමටත්, නිසි නඩත්තු පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීමටත්, ජෙනුයින් SWARAJ අමතර කොටස් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමටත් මෙම වැඩසටහන මඟින් අපට හැකි වුණා. අඛණ්ඩව සිව්වැනි වසරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව සමඟ අප ගොඩනඟා ඇති ශක්තිමත් සබඳතාව තවදුරටත් තහවුරු වෙනවා.”
“SWARAJ පරපුර” වැඩසටහන සහ අලෙවියෙන් පසු සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම තුළින්, විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉදිරියට ගෙන යාමටත්, රටේ ගොවි ප්‍රජාවේ ඵලදායීතාව ඉහළ නැංවීමටත් DIMO Agribusinesses අඛණ්ඩව කැපවී සිටියි.


