AMW සමාගම සිය නවතම Suzuki ප්‍රදර්ශනාගාරය මහනුවර දී විවෘත කරයි.

Image AMW Suzuki Kandy PR (LBN)

Al-Futtaim සමූහයට අයත්, ශ්‍රී ලංකාවේ Suzuki මෝටර් රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, මහනුවර නවතම Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් දිවයින පුරා සිය සේවා ජාලය තවදුරටත් ශක්තිමත් කර ඇත.

මහනුවර, කටුගස්තොට පාර අංක 448 හි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, බොරැල්ලේ පිහිටි ප්‍රධාන Suzuki ප්‍රදර්ශනාගාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විවෘත කළ දෙවැනි විශේෂිත Suzuki ප්‍රදර්ශනාගාරය ලෙස සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම විවෘත කිරීම තුළින්, මධ්‍යම පළාතේ පාරිභෝගිකයන් වෙත Suzuki සන්නාමයේ ජාත්‍යන්තර තත්ත්වයේ මෝටර් රථ සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් වඩාත් සමීප කිරීමට AMW සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරයි.



මෙම අවස්ථාව වෙනුවෙන් AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවාහර් ගනේෂ් මහතා, AMW විකුණුම් අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා, AMW කළමනාකාරීත්වයේ සාමාජිකයින්, පාරිභෝගිකයින්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

නව ප්‍රදර්ශනාගාරය තුළ Suzuki සන්නාමයේ ජනප්‍රිය මෝටර් රථ වන Grand Vitara, Jimny, Fronx, Celerio සහ Alto K10 මාදිලි ප්‍රදර්ශනය කර ඇති අතර, Suzuki සන්නාමයේ නවෝත්පාදන, උසස් තත්ත්වය සහ විශ්වාසනීයත්වය පාරිභෝගිකයන්ට සමීපයෙන් අත්විඳීමේ අවස්ථාව ද හිමි වේ.

AMW Suzuki වෙතින් මෝටර් රථ මිල දී ගන්නා පාරිභෝගිකයන්ට වසර 3ක හෝ කිලෝමීටර් 100,000ක Bumper-to-Bumper වගකීමක්, මුල් Suzuki අමතර කොටස් සහ උපාංග සඳහා ප්‍රවේශය මෙන්ම Suzuki පුහුණුව ලත් කාර්මික ශිල්පීන්ගෙන් උසස් අලෙවියෙන් පසු සේවාවක් හිමි වේ. තවද, මධ්‍යම පළාතේ පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන්, කටුගස්තොට, යටිවාවල අංක 334/1 හි පිහිටි AMW Pitstop – මහනුවර සේවා මධ්‍යස්ථානය මඟින් වාහන නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ බොඩි ෂොප් සේවාවන් ද ලබා දෙයි. අලෙවියෙන් පසු සේවා සඳහා 081 249 7805 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය. මෙම සේවාවන් හරහා Suzuki හිමිකරුවන්ට සම්පූර්ණ විශ්වාසය සහ ඉහළ වටිනාකමක් සහිත හිමිකාරීත්ව අත්දැකීමක් හිමි වේ.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවාහර් ගනේෂ් මහතා, “මහනුවර නව Suzuki විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම, ශ්‍රී ලංකාව පුරා Suzuki සන්නාමය පාරිභෝගිකයන්ට තවදුරටත් සමීප කිරීමේ අපගේ ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. Suzuki මෝටර් රථ සඳහා ඉල්ලුම අඛණ්ඩව ඉහළ යන අතර, අපගේ ජාලය පුළුල් කරමින් මිල දී ගැනීමෙන් පසුත් පාරිභෝගිකයන්ට සුවිශේෂී සේවා අත්දැකීමක් ලබා දීමට අපි කැප වී සිටිනවා. විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාවන්, මුල් අමතර කොටස් සහ උපාංග, නිෂ්පාදකයාගේ වගකීම් ආවරණය සමඟින් AMW වෙතින් Suzuki රථයක් හිමිකර ගැනීමෙන් ලැබෙන විශ්වාසය සහ මනසේ නිදහස පාරිභෝගිකයන්ට ලබා දීමට හැකි වීම අපට ආඩම්බරයක්.” යනුවෙන් අදහස් දැක්වීය.

Suzuki මෝටර් රථ පෙළ නිරීක්ෂණය කිරීම, අලෙවි විමසීම් හෝ Test Drive වෙන් කරවා ගැනීම සඳහා 081 567 7677 අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව