අමානා තකාෆුල් සමාගමට හිමිකම් කොටස් නිකුතුවෙන් බිලියනයක ප්‍රාග්ධනයක් හිමිවෙයි

Amana Takaful Logo1

දේශීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අමානා තකාෆුල්  සමාගම සිය හිමිකම් කොටස් නිකුතුව සාර්ථකව අවසන් කර ඇති බව නිවේදනය කොට තිබේ. මෙම නිකුතුවේදී වත්මන් කොටස් හිමියන් වෙත ඔවුන් සතු සෑම කොටස් 14 කටම නව කොටස් 3 බැගින්, රුපියල් 19 ක මිලකට පිරිනමන ලදී. ඒ අනුව වෙන් කරන ලද සමස්ත සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් සංඛ්‍යාව මිලියන 52.8කට අධික වන අතර, එමඟින් සමාගම සපුරාගෙන ඇති මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියනයකි.

​මෙම හිමිකම් කොටස් නිකුතුවෙන් උපයා ගත් සියලුම ප්‍රතිපාදන සමාගමේ ඉදිරි වර්ධන කටයුතු වෙනුවෙන් සෘජුවම ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් සමාගමේ පළමු පෙළ ප්‍රාග්ධනය (Tier 1 Capital) ශක්තිමත් කෙරෙනු ඇත.




මෙම අරමුදල් ​ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත SLFRS 17 සහ SLFRS 9 නව ගිණුම්කරණ ප්‍රමිතීන් සඳහා වෙන් කර ඇති අතර නවීකරණය කරන ලද ජංගම යෙදවුම් (Apps) සහ කාර්යක්ෂම හිමිකම් පියවීමේ ක්‍රියාවලිය හරහා ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කෙරේ. තවද මෝටර්, වෛද්‍ය සහ පොදු රක්ෂණ ක්ෂේත්‍රයන්හි දැනට අත්කරගෙන ඇති වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීමට ද පියවර ගෙන තිබේ.

අමානා තකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිව කාර්තිගන් මහතා ප්‍රකාශ කළ  සිටියේ,​ මෙම ඉහළ ආයෝජක ප්‍රතිචාරය මඟින් සමාගමේ දැක්ම, දිගුකාලීන වර්ධන සැලසුම් සහ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ පිළිබඳව කොටස් හිමියන් තුළ පවතින නොමඳ විශ්වාසය යළිත් වරක් තහවුරු වන බවයි. එමෙන්ම මෙම අතිරේක ප්‍රාග්ධනය සමාගමේ මීළඟ වර්ධන පියවර ශක්තිමත් කිරීමට ඉතා ශක්තිමත් පදනමක් වනු ඇති බවද ඔහු පෙන්වා දුනි.

අමානා තකාෆුල් සමාගම මෑත කාලීනව අත්කරගත් කැපී පෙනෙන මූල්‍ය වර්ධනය මෙන්ම සම්මාන කිහිපයකින් පිදුම් ලබමින් ශ්‍රී ලංකාවේ වැඩිම සම්මානලාභී රක්ෂණ සමාගම් අතරට එක්වීමට හැකිවීම ද ආයෝජකයන්ගේ මෙම ඉහළ ප්‍රතිචාරයට ප්‍රධාන හේතුවකි. Asia Securities Advisors (Pvt) Ltd ​මෙම හිමිකම් කොටස් නිකුතුවේ නිල උපදේශක සහ තැරැව්කාර සමාගම ලෙස කටයුතු කරන ලදී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව