හෙට දිනයේ තාක්ෂණික පුරෝගාමීන්ගේ නිර්මාණශීලීත්වය හා නවෝත්පාදන කුළුගැන්වූ සුවිශේෂී මෙහෙවරක්

Winners of the School, Undergraduate, and Open Categories at RoboGames 2026 (LBN)

SLT-MOBITEL වෙතින් 2026 SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග සඳහා තාක්ෂණික අනුග්‍රහය

SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ඩිජිටල්කරණය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට උරදෙන අතරම රටේ තරුණ පරපුරට අනාගතයේදී අතිශයින් වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අරමුණින් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අධ්‍යයනාංශය සමඟ එක්ව මෙම තරගවලට අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදී. තරුණ පරපුරට රිසි සේ තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තරග මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළදී පැවැත්විණි.




SLT-MOBITEL හි දායකත්වය සහිතව පවත්වන ලද මෙම අවසන් මහා තරග ඉසව් තුළදී තරුණ තරුණියන් විශාල පිරිසක් නවෝත්පාදන රැසක් සමඟින් තරග බිමට පිවිසෙනු දැකගත හැකි විය. මෙම තරග දෙකම නිර්මාණශීලීත්වය හා තාක්ෂණික විශේෂඥතාව තුළින් රටේ ඩිජිටල් අනාගතය සෞභාග්‍යමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කළේය.

SLT-MOBITEL දායකත්වය  සමඟින් පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත යන අංශ යටතේ SLIoT Challenge 2026 හි තරග පැවැත්විණි. එහිදී අවසන් වටයට සුදුසුකම් ලැබූවෝ GTN Lab, ICE Room, InsightHub, SLIoT Lab සහ Sysco LABS පදනම් කරගනිමින් තම නිර්මාණ ඉදිරිපත් කළහ. මෙය ප්‍රායෝගිකව භාවිතා කළ හැකි IoT විසඳුම් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ පරපුර තුළ ඇති උනන්දුව මෙන්ම රටේ  තාක්ෂණ විප්ලවයට නායකත්වය දීම සඳහා SLT-MOBITEL තුළ ඇති කැමැත්ත මැනැවින් පිළිබිඹු වූ අවස්ථාවක් විය. ඇගයීම් වට දෙකකින් අනතුරුව විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරන ලදී.

SLIoT Challenge 2026 හි පාසල් කාණ්ඩයේ ජයග්‍රාහකයන් වූයේ සුහුරු අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කළ කොළඹ 7 රාජකීය විද්‍යාලයේ Quarista කණ්ඩායමයි. විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි කරගැනීමට, සුහුරු ඉස්සන් ගොවිපළ අධීක්ෂණ පද්ධතියක් නිර්මාණය කළ මොරටුව විශ්ව විද්‍යාලයේ Eluvis කණ්ඩායම සමත් විය. සේවක ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක්  නිර්මාණය කළ RoboticGen Labs කණ්ඩායමට විවෘත කාණ්ඩයේ ජය හිමි විය.

2026 RoboGames තරගයද පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත යන කාණ්ඩ යටතේ පැවැත්විණි. එහි අවසන් මහා තරගයේ වඩාත්ම කැපීපෙනුණු ඉසව්ව වූයේ රොබෝ විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ අවධානය දිනාගත් ත්‍රාසජනක BattleBots අභියෝගයයි. ප්‍රධාන ඉසව්වට අමතරව විවෘත BattleBot අභියෝගයට සහභාගී වීමට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ටද අවස්ථාව උදා කර දෙන ලදී.

2026 RoboGames පාසල් කාණ්ඩයේ ජය හිමිකර ගැනීමට Elizabeth Moir School හි Controlled Chaos කණ්ඩායම සමත් විය. විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය රුහුණ විශ්ව විද්‍යාලයේ FalconX කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර, විවෘත කාණ්ඩයේ ජය Ascension කණ්ඩායම වෙත හිමි විය.

SLT-MOBITEL විසින් මෙම තරගාවලි දෙකටම උසස්ම තත්වයේ සම්බන්ධතා පහසුකම් සපයන ලදී. මේ නිසා තරගකරුවන්ට මෙන්ම නරඹන්නන්ටද තරග අතරතුර විශිෂ්ටතම අත්දැකීම් පෙළක් විඳගැනීමට අවස්ථාව හිමි විය. මෙය රටේ වඩාත්ම වේගවත් සහ විශ්වාසනීය ජාලය ලෙස SLT-MOBITEL සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

SLIoT Challenge සහ RoboGames වැනි වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ පරපුරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා SLT-MOBITEL දිගින් දිගටම කැප වී සිටී. මෙම තරග, අනාගතයේදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි තාක්ෂණික නිර්මාණ ඉදිරිපත් කිරීමට මෙන්ම ඒ ඔස්සේ  ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉදිරි ගමනට දායක වීමට තරගකරුවන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හැකියාවන් කුළුගන්වමින්, රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා දායක වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව