
DFCC බැංකුව සිය රත්නපුර ශාඛාව, නගර මධ්‍යයේ පිහිටි වඩාත් පහසුවෙන් ළඟාවිය හැකි අංක 269, ප්‍රධාන වීදිය, රත්නපුර යන නව පරිශ්‍රය වෙත ගෙනයාමට පියවර ගෙන ඇත. මෙමගින් ගනුදෙනුකරුවන් හට වඩාත් ඉඩකඩ සහිත මෙන්ම සුවපහසු බැංකුකරණ පරිසරයක් නගර මධ්‍යයේදීම හිමිවේ.
ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අපේක්ෂාවන්ට මනාව ගැළපෙන, වඩාත් සරල මෙන්ම සුවපහසු බැංකුකරණ අත්දැකීමක් නිර්මාණය කිරීම වෙනුවෙන් DFCC බැංකුව සිදුකරන අඛණ්ඩ ආයෝජනයන් මෙම ස්ථාන මාරුව මගින් මැනවින් නිරූපණය වේ. රත්නපුර වාණිජ කලාපය තුළ උපායමාර්ගිකව ස්ථානගත කර ඇති මෙම නව ශාඛාව, ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි සැලසුම් කර ඇති අතර, සාම්ප්‍රදායික මෙන්ම ඩිජිටල් බැංකුකරණ සේවා ද්විත්වයම එකම වහලක් යටින් ලබාගත හැකි නවීන බැංකුකරණ පරිසරයකින් එය සමන්විතය.
මෙම ශාඛාව මගින් එම කලාපයේ වෙසෙන පුද්ගලයන්, පවුල්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් DFCC බැංකුවේ සමස්ත සේවා පෙළගැස්ම අඛණ්ඩව සපයනු ලබයි. මීට අමතරව, බැංකුවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් බැංකුකරණ විසඳුම් මෙන්ම, ශක්තිමත් ගනුදෙනුකාර සබඳතා සහ පුද්ගලීකරණය කළ මූල්‍ය උපදේශන සේවාවන්හි ප්‍රතිලාභද ගනුදෙනුකරුවන් වෙත හිමිවේ.
මෙම ස්ථාන මාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති / ශාඛා බැංකුකරණ සහ බෙදාහැරීම් ප්‍රධානී දුමින්ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“බැංකුකරණ ක්ෂේත්රය වර්තමානයේදී ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වෙමින් පැවතුණද, වැදගත් මූල්‍ය තීරණ ගැනීමේදී ගනුදෙනුකරුවන් තවමත් ළඟාවීමේ පහසුව, සුවපහසුව මෙන්ම විශ්වසනීය මානුෂීය සබඳතා කෙරෙහි ඉහළ වටිනාකමක් ලබා දෙනවා. අපගේ රත්නපුර ශාඛාව නව ස්ථානයක ස්ථාපිත කිරීම මගින් නිරූපණය වන්නේ මෙම සියලු අංගයන් එකිනෙක යා කෙරෙන බැංකුකරණ වටපිටාවක් නිර්මාණය කිරීමට අප සතු කැපවීමයි. මෙවැනි නවීන, ගනුදෙනුකාර කේන්ද්‍රීය පරිශ්‍රයන් වෙනුවෙන් ආයෝජනය කිරීම හරහා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාවන්, උපදෙස් සහ සහයෝගය වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතරම, අප සේවය කරන ප්‍රජාවන් සමඟ පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමටද අපට හැකියාව ලැබෙනවා.”
විවිධාංගීකරණය වූ වාණිජ කටයුතු, ව්‍යවසායකත්වයන් සහ දෛනික බැංකුකරණ අවශ්‍යතාවලින් සමන්විත රත්නපුරය යනු මෙරට ප්රමුඛ පෙළේ ආර්ථික කේන්ද්‍රස්ථානයකි. නගරය තුළ සිය සේවා නියෝජනය තවදුරටත් පුළුල් කිරීම හරහා, ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන මූල්‍ය අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් අඛණ්ඩව ලබාදීමට DFCC බැංකුව වඩාත් සුදුසු පසුබිමක පසුවෙයි.
මෙම ස්ථාන මාරුව, සිය සේවා ජාලය ශක්තිමත් කිරීමට සහ ගනුදෙනුකාර සබඳතාවයේ සෑම අදියරකදීම පහසුව මෙන්ම ගනුදෙනුකාර-කේන්ද්‍රීය සේවාවන් මනාව මුසු වූ බැංකුකරණ අත්දැකීමක් ලබාදීමට DFCC බැංකුව දරන පුළුල් උත්සාහයේ තවත් එක් ඉදිරි පියවරකි.


