
දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා ආකර්ෂණීය නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන්, මෙරට දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas සන්නාමය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය, ක්‍රියාකාරීත්වය දිරිමත් කරමින්, විශ්වාසයෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට බෙහෙවින් උපකාරී වේ. ඒ අනුව Atlas විසින් ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ එම දිගුකාලීන සම්ප්‍රදාය මත පදනම් වෙමිනි. මෙම හඳුන්වා දීම ඉගෙනුම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට විහිදී ගොස්, දරුවන්ගේ දෛනික අවශ්‍යතාවයකට විශ්වාසදායී සහතිකයක් ලබා දෙන දූරදර්ශී පියවරක් ද වනු ඇත.
නිෂ්පාදන ආරක්ෂාව, තත්ත්ව සහතික කිරීම සහ විශ්වාසදායක ප්‍රමිතීන් කෙරෙහි පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමු කරන කාල වකවානුවකදී මෙම නවතම හඳුන්වා දීම කාලෝචිත වශයෙන් වැදගත් ය. මෙම SLS සහතිකය ලබා ගැනීම සඳහා, වතුර බෝතලය දැඩි ඇගයීම් ක්‍රියාවලියකට ලක් වූ අතර, එයට පුළුල් පරීක්ෂණ මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් හඳුන්වා දුන් ප්ලාස්ටික් වතුර බෝතල් සඳහා වන නව ජාතික ප්‍රමිතියේ සියලු නිර්ණායක සපුරාලීම ද අන්තර්ගත වේ. මෙම සහතිකය ඔස්සේ Atlas වතුර බෝතල් ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සඳහා පිළිගත් ප්‍රමිතීන් සපුරාලන බවට දෙමාපියන් තුළ මනා විශ්වාසයක් ගොඩනගනු ලබයි. එමෙන්ම අනෙකුත් සෑම නිෂ්පාදනයකදීම, දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට Atlas ආයතනය දක්වන කැපවීම ද මෙමගින් පිළිබිඹු කෙරේ.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති මෙම එළිදැක්වීමේ උත්සවය සඳහා නියාමන ආයතනවල නියෝජිතයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, කර්මාන්ත විශේෂඥයින්, මාධ්‍ය නියෝජිතයින් මෙන්ම Atlas හි ඉහළ කළමනාකාරීත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. එහිදී SLS සහතික කළ නිෂ්පාදනයන්හි වැදගත්කම, පිළිගත් ගුණාත්මක ප්‍රමිතීන් සහ පාරිභෝගික සුරක්ෂිතතාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් ද සාකච්ඡාවට බඳුන් විය.
එහිදී උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින්, Atlas Axillia හි විකුණුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් බින්දුහේවා මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ සියලුම නිෂ්පාදන මෙහෙයුම් දියත් වන්නේ මෙරට දරුවන්ට හොඳම දේ සහතික කිරීමේ අපේක්ෂාවත් සමගිනි. ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් විශ්වාසය තැබූ සන්නාමයක් වශයෙන් අපි නිෂ්පාදන සුරක්ෂිතතාවයට මුල්තැන ලබා දෙමින් කටයුතු කරන්නෙමු. වතුර බෝතලයක් සඳහා SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සන්නාමය බවට පත්වීම තුළින් දෙමාපියන්ට තම දරුවන් දිනපතා භාවිතා කරන නිෂ්පාදන කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දීමට හැකි වනු ඇත. මෙරට දුවා දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදා කිරීම සඳහා මෙම වැදගත් පියවරට සහාය වන්නට ලැබීම ගැන සම්බන්ධයෙන් අපි සතුටට පත් වන්නෙමු’’
නිෂ්පාදන ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ දී සහතික ලත් ගුණාත්මක ප්‍රමිතීන් සමගින් දරුවන්ට සහ පවුල් සඳහා වඩා හොඳ ආරක්ෂාවක් සහතික කිරීම මෙන්ම පාරිභෝගික දැනුවත්භාවයේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී ප්‍රධාන පාර්ශ්වකරුවන්, විද්වත් මණ්ඩල සාකච්ඡාවක ද නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ Atlas Axillia හි අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය ‘‘ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක් පුරාවට Atlas කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය අප සතු විශාලතම ආයෝජනයකි. එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දරුවන් දිනපතා භාවිතා කරන වතුර බෝතල් සඳහා SLS සහතිකය සහිතව සුරක්ෂිත සහ විශ්වාසදායී තෝරා ගැනීමක් හඳුන්වා දීමට හැකි වීම සම්බන්ධයෙන් අපි සතුටට පත් වන්නෙමු. මෙම මුලපිරීම මගින්, සහතික කළ නිෂ්පාදන තෝරා ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙමාපියන් අතර දැනුවත්භාවය ඉහළ නංවා, විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමේ තීරණ ගැනීමට ඔවුන්ට සහාය වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු’’
ශ්‍රී ලංකාවේ ප්‍රථම SLS සහතික ලත් වතුර බෝතලය හඳුන්වාදීමත් සමඟින්, Atlas සන්නාමය ලාංකික පවුල් වෙත සුරක්ෂිත, ගුණාත්මකභාවය සහතික කළ නිෂ්පාදනයන් පිරිනමමින් සහ ඉහළ නිෂ්පාදන ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේ ජාතික කර්තව්‍යයට සහාය වෙමින්, මෙරට දුවා දරුවන්ගේ යහපැවැත්ම උදෙසා හෘදයාංගමව කැප වී කටයුතු කරනු නිසැකය.


