CCWE විලාසිතා සතියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සමඟින් HNB කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගන්වයි

Capture

කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම වෙන්වූ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම විලාසිතා සතිය වන 2026 CCWE විලාසිතා සතිය සහ ජාත්‍යන්තර සමුළුව (CCWE Fashion Week & International Summit 2026) සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හැටන් නැෂනල් බැංකුව එක් වී ඇත. ‘’Threads of Inclusion Woven from Every Walk of Life” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන 2026 ජූලි 16 සිට 20 දක්වා කොළඹ Cinnamon Life හිදී පැවැත්වීමට නියමිතය. සියලුම පාර්ශවයන් වෙත මූල්‍ය පහසුකම් සමීප කරවීම සඳහා HNB සතු කැපවීම මනාව පෙන්නුම් කරන මෙය, කලාපයේ කාන්තා ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික ගමන්මග ශක්තිමත් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු නොඅනුමානය.




මෙම සහයෝගීතාවයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “වසර 135කට අධික අභිමානවත් ඉතිහාසය පුරාවටම HNB සැමදා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රගතියේ සහකරුවෙකු වූවා. කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම යනු එදා සිටම අපේ ඒ ගමන සාර්ථකව ඉදිරියටම රැගෙන යාමට ලැබුණු විශාල ශක්තියක්. මෙම සුවිශේෂී වැඩසටහන මඟින් කාන්තාවන්ට නව වෙළෙඳපොළ අවස්ථා උදාකර ගැනීමටත්, සාර්ථක ව්‍යාපාර ගොඩනැඟීමටත්, එමඟින් රටේ ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක වීමටත් හොඳම අවස්ථාවක් උදාවෙනවා. කාන්තාවන්ට නිසි මඟපෙන්වීම සහ සහයෝගය ලැබුණු විට, එහි යහපත් ප්‍රතිලාභ ඔවුන්ගේ පවුල්වලට, සමාජයට වගේම සමස්ත ආර්ථිකයටම එකසේ ලැබෙනවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට අප තීරණය කළේ මූල්‍ය පහසුකම් සහ ව්‍යාපාරික සංවර්ධනය ඔස්සේ ඔවුන්ගේ දිගුකාලීන වර්ධනයට මඟපෑදීම සහ අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් අප කැපවී සිටින නිසයි.” යනුවෙනි.

CCWE විලාසිතා සතිය යනු හුදෙක් විලාසිතා දැක්මකටම පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රය වඩාත් සාධාරණ, සදාචාරාත්මක මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් තරඟකාරී ක්ෂේත්‍රයක් බවට පත්කිරීම වෙනුවෙන්ම නිර්මාණය වූ ජාතික මට්ටමේ වැඩසටහනකි. විලාසිතා දැක්මවල්, ජාත්‍යන්තර සමුළු, පුහුණු වැඩසටහන් සහ වෙළෙඳ ප්‍රදර්ශන රැසකින් සමන්විත මෙමඟින්, මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙළේ වාණිජමය අවස්ථා අහිමි වී තිබූ කාන්තා ව්‍යවසායිකාවන්, තරුණ නිර්මාණකරුවන් සහ අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් වැනි විවිධ පිරිස් වෙත සෘජු ආර්ථික ප්‍රතිලාභ උදාකර දෙයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ කරා විහිදුණු පාරිභෝගික ඒකක ජාලයක් සහ ඩිජිටල් බැංකු සේවාවන් සතු HNB, මෙවැනි සමාජීය වටිනාකමකින් යුත් වැඩසටහනක් සමඟ අත්වැල් බැඳගැනීම ඉතා කාලෝචිත පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

“අපි මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන් දෙස සමාජය බලන ආකාරය වෙනස් කරන ජාතික මට්ටමේ පරිවර්තනයක් කිරීමටයි. මෙම වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ සමාජයේ සෑම තරාතිරමකම සිටින කාන්තාවන්ට නව අවස්ථා උදාකර දීම වෙනුවෙන්. එමඟින් ඔවුන්ගේ සහජ දක්ෂතා සාර්ථක ව්‍යාපාර බවට පත්කර ගැනීමටත්, නව වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමටත්, රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාදීමටත් ඔවුන්ට හැකි වනවා. මේ හරහා ශ්‍රී ලංකාවට සමානාත්මතාවය සහ නව අවස්ථා සියලු දෙනා වෙත සමීප කරවන අනාගතයක් වෙනුවෙන් සමස්ත කලාපයේම පෙරමුණ ගැනීමට කදිම අවස්ථාවක් උදාවනවා.” යනුවෙන් CCWE සභාපතිනී සහ විලාසිතා සතියේ සභාපතිනී ආචාර්ය අයන්ති ගුරුසිංහ මහත්මිය සඳහන් කළාය.

HNB හි ප්‍රධානතම උපායමාර්ගයන් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය, කාන්තා ව්‍යවසායකත්වය, ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රවේශය සහ පරිසර, සමාජ හා පාලන (ESG) නායකත්වය ආදිය මත පදනම්ව බැංකුව මේ සඳහා අනුග්‍රාහකත්වය දීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යන පුද්ගලයින්ට නව අවස්ථා උදාකර දීම වෙනුවෙන් බැංකුව දක්වන නිරන්තර කැපවීම පෙන්නුම් කරයි. මෙම වැඩසටහනට සහය දැක්වීම තුළින්, කාන්තා ව්‍යවසායකයින් සබල ගැන්වීම යනු හුදෙක් ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගිය ප්‍රතිලාභ ගෙන දෙන ජාතික ආයෝජනයක් බව HNB නැවතත් අවධාරණය කර සිටී.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව