
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායිකාවන්ට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීමේදී මුහුණ දීමට සිදුවන ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවලට සාර්ථක විසඳුම් ලබාදීමට ‘MO Marketplace’ ජංගම දුරකථන යෙදවුම (App) සමත්ව ඇත.
2024 ජූනි මාසයේදී ආරම්භ කරන ලද මෙම වේදිකාව, මෙරට සාම්ප්‍රදායික ඩිජිටල් වෙළෙඳපොළ තුළ කාන්තාවන් මුහුණ දෙන නොකියූ අවදානම් රැසක් මුළුමනින්ම තුරන් කර තිබේ. මෙහිදී ගැනුම්කරුවන්ට සහ අලෙවිකරුවන්ට තමන්ගේ පෞද්ගලික දුරකථන අංක හෝ විස්තර හුවමාරු කරගැනීමකින් තොරව ගනුදෙනු අවසන් කළ හැකිය. භාණ්ඩය ගැනුම්කරු අතට පත්වන තෙක් ගෙවීම් ආරක්ෂිත ‘භාරකාරත්ව ගිණුමක’ (Escrow Account) රඳවා තබා ගන්නා අතර, භාණ්ඩ එකතු කිරීම සහ බෙදා හැරීම (Delivery) මුළුමනින්ම සිදු කරනු ලබන්නේ MO සමාගම විසිනි.

ගතවූ මාස 18 තුළ මෙම යෙදවුම භාගත කිරීම් (Downloads) 45,000ක් සහ ලියාපදිංචි පරිශීලකයින් 14,000ක් ලබා ගනිමින් ඉහළ ප්‍රගතියක් පෙන්වා ඇත. රෙදිපිළි, විලාසිතා සහ ගෘහස්ථ උපකරණ අලෙවිය මෙහි ප්‍රමුඛ වන අතර, ඉන් බහුතරයක් මෙහෙයවනු ලබන්නේ කාන්තාවන් විසිනි. අනෙකුත් වේදිකා 15% සිට 30% දක්වා ඉහළ කොමිස් මුදලක් අයකරද්දී, MO Marketplace අය කරනු ලබන්නේ 10%ක අවම කොමිසමකි.
ව්‍යාපාර ඇරඹීමේදී මුහුණ දෙන ප්‍රධාන බාධක වන ‘භාණ්ඩ විස්තර ලිවීම’ සහ ‘ඡායාරූපකරණය’ සඳහා 2026 වසරේ මැදභාගයේ සිට කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වා දීමටද පියවර ගෙන ඇත. මීට අමතරව ‘වීඩියෝ අලෙවිකරණ’ විශේෂාංගයද මේ වන විට ක්‍රියාත්මකය. ලංකාවේ දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ගේම නියමයන් මත සුරක්ෂිතව වෙළෙඳාම් කිරීමට මෙතෙක් පැවති අඩුව පිරවීමට ‘MO Marketplace’ සමත්ව ඇත.


