උසස් සහ කඩිනම් පාරිභෝගික සේවාවක් ලබා දීම සඳහා SDB බැංකුව, IBM සමඟ එක්ව ඩිජිටල් බැංකුකරණ යටිතල පහසුකම් ඉහළ නංවයි

Capture

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන SDB බැංකුව, සිය ඩිජිටල් බැංකු යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා සඳහා IBM (NYSE: IBM) සහ South Asian Technologies (SAT) සමග සහයෝගීතාවයක් ආරම්භ කර තිබේ. මෙම සහයෝගීතාවය හරහා IBM හි අති නවීන ව්‍යවසාය තාක්ෂණික යටිතල පහසුකම් සහ ස්වයංක්‍රීය විසඳුම් භාවිතයට ගනිමින්, SDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධති නවීකරණය කිරීමටත්, මෙහෙයුම් කාර්යක්ෂමතාව හා ඉහළ විශ්වාසනීයත්වයක් සමගින් කඩිනම් බැංකු සේවාවක් ලබා දීමටත්, කටයුතු කරනු ඇත.

පාරිභෝගික අපේක්ෂාවන් සහ මුල්‍ය සේවා ක්ෂේත්‍රය වේගයෙන් වෙනස් වන පසුබිමක, SDB බැංකුව සිය ප්‍රධාන බැංකුකරණ පද්ධති සහ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් වශයෙන් මෙය ආරම්භ කර ඇත. මෙමඟින්, බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, පාරිභෝගික අවශ්‍යතාවයන්ට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්විය හැකි විසඳුම් අභිරුචිකරණය කිරීමටත්, බැංකු සේවාවන් පුළුල් කිරීමටත් හැකියාව ලැබේ.



මෙම සහයෝගීතාවය පිළිබඳ අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය. ‘’අපගේ අවධානය සෑමවිටම යොමු වන්නේ, විශ්වාසදායී, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවක් ලබා දීමටයි. IBM සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය හරහා අපගේ මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කරගනිමින්, පාරිභෝගික අවශ්‍යතාවයන් සහ වෙළඳපොළ ඉල්ලීම් වලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි නම්‍යශිලී ශක්තිමත් සේවාවක් ලබා දීමට අපට හැකි වී තිබේ. මෙම මුලපිරීම තුළින්, දිගුකාලීන නවෝත්පාදන වර්ධනයක් අත්පත් කර ගනිමින්, ව්‍යාපාර වර්ධනය වේගවත් කිරීම සඳහා මනා රුකුලක් සැපයෙනු නිසැකයි’’

මෙම ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ කොටසක් ලෙස, SDB බැංකුව, IBM Power ඉහළ කාර්යසාධනයක් සහිත සේවාදායක සහ IBM FlashSystem භාවිතයෙන් මූලික බැංකු පද්ධතිය නවීකරණය කර තිබෙන අතර, අත්‍යවශ්‍ය බැංකුකරණ මෙහෙයුම් සඳහා වන ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාවය වැඩිදුරටත් ශක්තිමත් කර තිබේ. ඊට සමගාමීව, බැංකු කාර්යයන් විධිමත් කිරීමට, අන්තර්ගත කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ ප්‍රධාන ව්‍යවසායක ක්‍රියාවලීන් ස්වයංක්‍රීය කිරීමට IBM Cloud Pak for Business Automation සිය උපායමාර්ගික ස්වයංක්‍රීය වේදිකාව වශයෙන් යොදා ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ IBM India & South Asia හි තාක්ෂණ අංශයේ උප සභාපති ගෞරව් අගර්වාල් මහතා පැවසුවේ මෙවැන්නකි. ‘’වර්තමාන බැංකු ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් ස්ථාවරත්වය අතර නිසි සමතුලිතතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. SDB බැංකුව සමග ඇති කරගත් මෙම සහයෝගීතාවය හරහා, SAT වැනි අපගේ හවුල්කරුවන් එක්ව මූල්‍ය ආයතනවලට ව්‍යාපාරික වටිනාකම ඉහළ නැංවීමටත්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත්, සහ නවීන කෘත්‍රිම බුද්ධි (AI) හා Hybrid Cloud තාක්ෂණයන්ගේ ශක්තිය උපයෝගී කර ගනිමින්, මහා පරිමාණ නවෝත්පාදනයන් ක්‍රියාත්මක කිරීමටත් සහාය විය හැකි ආකාරය මෙයින් පෙන්නුම් කර තිබේ’’

මෙම නවීකරණය කරන ලද ඩිජිටල් වැඩසටහන මත පදනම්ව, සිය ඉදිරි මෙහෙයුම් කටයුතු සහ පාරිභෝගික සම්බන්ධතා නාලිකා හරහා AI හැකියාවන් පුළුල් කිරීමට SDB බැංකුව සූදානමින් සිටී. එමෙන්ම පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දිගුකාලීන තරඟකාරිත්වය සහ තිරසාර වර්ධනය සඳහා අවැසි කඩිනම් බැංකු සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද මෙමගින් අවස්ථාව උදා වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව