මන්නාරම හේවින්ඩ් සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා වන පළමු මෙගාවොට් 25 ක ටර්බයින තොගය ශ්‍රී ලංකාවට රැගෙන එයි

IMAGE 02

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරායට සාර්ථකව පැමිණ තිබේ.



මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වූ පසු, ඉන් විශාල පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයක් ජනනය කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වසර 20ක මෙහෙයුම් කාලයක් තුළ ඉන්ධන ආනයන වියදම් වලින් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රටට ඉතිරි කර දීමටත්, එමඟින් ජාතික බලශක්ති සුරක්ෂිතතාව‍ය වඩාත් ශක්තිමත් කරමින්, පරිසර හිතකාමී මෙන්ම අඩු වියදම් විදුලි උත්පාදනයක් කරා ශ්‍රී ලංකාව තබන පියවරට මෙය විශාල ශක්තියක් වනු ඇත.

එසේම ‘එන්විෂන් එනර්ජි ටෙක්නොලොජි’ (Envision Energy Technology) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම ව්‍යාපෘතියට අයත් සමස්ත ටර්බයින 10න් 5ක්, මෙලෙස මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කිරීමට නියමිතය. ත්‍රිකුණාමලයේ සිට ආරම්භ වන මෙම ටර්බයින් කොටස් ප්‍රවාහනය කිරීමේ කටයුතු ඉදිරි මාස තුන පුරාම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ මෙතෙක් ක්‍රියාත්මක වන විශාලතම මෙන්ම තාක්ෂණික වශයෙන් වඩාත්ම අභියෝගාත්මක ප්‍රවාහන මෙහෙයුමක් ලෙසද මෙය සැලකේ.

මෙහිදී ප්‍රමාණයෙන් ඉතා විශාල සුළං පෙති (Blades), කුළුණු කොටස් (Towers) සහ එන්ජින් පද්ධති (Nacelles) දිස්ත්‍රික්ක කිහිපයක් හරහා ප්‍රවාහනය කිරීමට සිදුවේ. එබැවින්, විධිමත් ඉංජිනේරු ඇගයීම් සහ පූර්ව මාර්ග සැලසුම්කරණයන්ට අනුව, විශේෂ බර වාහන ප්‍රවාහන සේවාවක් (Heavy-haul logistics) මඟින් මෙම සියලු කොටස් ඉතා ආරක්ෂිතව මන්නාරම පරිශ්‍රය වෙත රැගෙන යාමට සියලු කටයුතු යොදා ඇත.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව