අමානා තකාෆුල් රක්ෂණ සමාගම අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී රක්ෂණ සමාගම බවට පත්වෙයි

1- Amana- Siva and Gehan (LBN)

2026 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී රක්ෂණ සමාගම බවට LMD සඟරාව විසින් පසුගියදා  නම්කරනු ලැබීය. පාරිභෝගික කේන්ද්‍රී විසඳුම් සැපයීම, මෙහෙයුම් විනය සහ අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ සේවා යන දෙඅංශයම තුළ සමාගම සපයන උසස් ගුණාත්මක සේවය පිළිබිඹුවන මෙම සම්මානය අමානා තකාෆුල් සමාගමට අඛණ්ඩව හිමිවූ තෙවැනි අවස්ථාව මෙය වීම කැපීපෙනේ.




ගෙවුණු වසර ගණනාව පුරාවට සිය පාරිභෝගික සේවාව පුළුල් කිරීමටත්, ඩිජිටල් සේවා දියුණු කිරීමටත්, ඒ තුළින් වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයකට රක්ෂණ සේවා සමීප කිරීමටත් අමානා තකාෆුල් සමාගම කැපවී ක්‍රියාකර තිබේ.

″අපේ පාරි‍භෝගිකයින්ට අඛණ්ඩ සහ එකහා සමාන සේවාවක් සැලසීම වෙනුවෙන් අපි අනුගමනය කරන විනය මෙම සම්මානය තුළින් පිළිඹිබු වෙනවා. ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, ඩිජිටල් සේවා සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් අපි සිදුකරන අඛණ්ඩ ආයෝජනය හරහා පාරිභෝගික අපේක්ෂා ඉටුකරමින් විශ්වාසනීය සේවාවක් ලබාදීමට අපට අවස්ථාව උදාවී තිබෙනවා″, යනුවෙන් මෙම සම්මානය පිළිබඳ අදහස් දක්වමින් අමානා තකාෆුල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී- සාමාන්‍ය රක්ෂණ සේවා, සිවා කාර්තිගන් මහතා පැවසුවේය.

″ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ යන දෙඅංශයෙහිම අපේ ක්‍රියාකාරකම් අඛණ්ඩ ගුණාත්මකභාවයකින් පවත්වාගන්නා අතරතුර, පාරිභෝගිකයින් වෙත වැඩි වටිනාකමක් පිරිනැමීමට අප සතු අඛණ්ඩ උත්සාහය මෙමගින් ඇගයීමට ලක්වෙනවා. ඉදිරියටත් ඉහළ ප්‍රමිතියේ සේවාවක් සහ විශ්වාසනීයත්වයක් පාරිභෝගිකයින්ට පිරිනමන අතරතුර, රක්ෂණ සේවා සඳහා ඇති ප්‍රවේශය පුුළුල් කිරීමටත්, ඩිජිටල් නවෝත්පාදන එළිදැක්වීමටත්, ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන නිෂ්පාදන හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා″, යනුවෙන් අමානා තකාෆුල්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී- ජීවිත රක්ෂණ ගෙහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම සම්මාන පිරිනැමීමේදී ඩිජිටල් පරිවර්තනය උදෙසා සමාගම සතු දායකත්වය වැඩි වටිනාකමක් එක්කර තිබේ. ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ අංශ දෙක තුළම තාක්ෂණය පදනම් වූ රක්ෂණ විසඳුම් සැපයීමටත්, රක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීමටත් සමාගම පියවර ගෙන ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව