Huawei අඛණ්ඩව දෙවන වරටත් Gartner® Peer Insights™ හි පාරිභෝගික තේරීම බවට පත් වෙයි

Image - Huawei Named a Gartner® Peer Insights™ Customers' Choice for Second Year in a Row

ව්‍යාපාරික මෘදුකාංග හා සේවා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්ට අවශ්‍ය වන Gartner Peer Insights පාරිභෝගික සමාලෝචන වෙනුවෙන් නොමිලේ භාවිත කළ හැකි නිෂ්පාදනයකි. ඒ තුලින් ලබා දෙන පාරිභෝගික අත්දැකීම්, පාරිභෝගිකයින් විසින් බහුලව භාවිත කිරීම හා පහසු භාවිතය වැනි සාධක පදනම් කර ගනිමින් මෙම ගෞරවය Huawei සමාගම වෙත ලබා දී ඇත. මෙහිදී විශේෂයෙන් ඉහත සාධකයන්ගෙන් වෙළෙඳපොලේ සාමාන්‍ය පරිශීලක උනන්දුව සහ සමාලෝචන ලකුණු සම්බන්ධයෙන් ඉහලින්ම සිටින සමාගම් පමණක් සමාලෝනය සඳහා යොදා ගන්නා ලදී.



ඒ අනුව Huawei OceanProtect පාරිභෝගික ඇගයීම්හිදී සමස්ත ලකුණු 5න් 4.9ක ඉහළ ලකුණු මට්ටමක් සාක්ෂාත් කර ගනිමින් මූල්‍ය, නිෂ්පාදන හා බලශක්ති ඇතුලු ක්ෂේත්‍ර රැසක් තුළ අභිමානයට ලක් විය. Huawei OceanProtect නිෂ්පාදනයන් සතු ගුණාත්මකභාවය හා අලෙවියෙන් පසු සේවාව පිළිබඳව ලොව පුරා පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය මේ තුලින් වඩාත් තහවුරු වේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් Huawei Data Protection Domain හි සභාපති Song Ke මහතා පවසා සිටියේ “ OceanProtect, Data Protection වෙනුවෙන් Gartner Peer Insights හි පාරිභෝගික තේරීම ලෙස නැවතත් සම්මාන ලැබීම Huawei සමාගම අත්කරගත් සුවිශේෂී ගෞරවයක් ලෙස සැලකිය හැකියි. මේ තුලින් අපගේ නිෂ්පාදන නවීකරණය සහ විශිෂ්ට සේවාව පිළිබඳව පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වනවා. නිරන්තරයෙන් නව්‍යකරණය වෙනුවෙන් කටයුතු කරන අප ඉදිරියටත් පාරිභෝගික අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, වඩාත් වේගවත්, ලාභදායී සහ ශක්තිමත් Data Protection විසඳුම් ලබාදීමට අපි කැපවී සිටිනවා.” යනුවෙනි.

නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට https://e.huawei.com/en/products/storage/oceanprotect වෙත පිවිසෙන්න.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව