සූර්ය බලශක්ති ණය පහසුකම් ලබාදීම සඳහා HNB සහ Access Solar අත්වැල් බැඳගනී

Image 1- HNB partners with Access Solar Pvt Ltd to provide solar loan solutions

ශ්‍රී ලංකාව පුරා සූර්ය බලශක්ති විසඳුම් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කරමින් HNB සහ Access Solar පුද්ගලික සමාගම පසුගියදා නිල අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කිරීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීමට අවශ්‍ය වන පහසු ණය ක්‍රම HNB හරහා ලබා දීමට නියමිතය.

මෙම සහයෝගීතාවය හරහා HNB හි මූල්‍ය ශක්තිය සහ Access Solar හි තාක්ෂණික පළපුරුද්ද එකට එක් කරමින් නිවාස, ව්‍යාපාරික මෙන්ම කාර්මික අංශවල පාරිභෝගිකයින් වෙත සුවිශේෂී සේවාවක් සැපයීමට බලාපොරොත්තු වේ. නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රජාව අතර සූර්ය බලශක්ති පද්ධති භාවිතය ප්‍රචලිත කිරීමත්, එමඟින් රටේ අනාගත බලශක්ති ස්ථාවරත්වය තහවුරු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණයි.



මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “HNB හි අප සැමවිටම තිරසාර සංවර්ධනය යනු ක්‍රියාවෙන්ම ඉටුකළ යුතු වගකීමක් ලෙස සලකනවා. එම වගකීම සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවට මෙන්ම ව්‍යාපාරිකයන්ටද එකසේ ගැළපෙන, පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුම් සලසා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. අප හඳුන්වා දී ඇති නම්‍යශීලී සූර්ය බලශක්ති ණය පහසුකම් හරහා ඕනෑම අයෙකුට සූර්ය බලශක්තිය වෙත යොමු වීම වඩාත් පහසු වන අතර, එමඟින් පරිසර හිතකාමී තීරණ ගනිමින් රටේ තිරසාර අනාගතයට දායක වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙවැනි පුනර්ජනනීය බලශක්ති ආයෝජන දිරිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ආර්ථිකය ගොඩනැගීමේ විශ්වාසනීය සහකරුවෙකු ලෙස HNB හි කැපවීම අප තවදුරටත් තහවුරු කරනවා,” යනුවෙනි.

මෙම හවුල්කාරිත්වය යටතේ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කළ විශේෂ සූර්ය බලශක්ති ණය පහසුකම් වසර හතක් දක්වා වූ දිගුකාලීන ගෙවීමේ පදනම මත ලබාගත හැකිය. තවද තෝරාගනු ලබන කාලසීමාවට අනුව සැකසෙන අමතර ගාස්තු රහිත පොලී අනුපාතයන් හේතුවෙන් ක්‍රමවත් ලෙස ණය පියවීමේ හැකියාව හිමිවේ. මෙය නිවෙස්වලට මෙන්ම ව්‍යාපාරිකයින්ටද සිය මූල්‍ය සැලසුම් නිසි ලෙස කළමනාකරණය කරමින් මෙම ආයෝජනය සිදු කිරීමට අවස්ථාව සැලසේ.

“වැඩි පිරිසකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට උපකාර කිරීම සඳහා HNB ලබා දෙන සහයෝගය අපි සැබවින්ම අගය කරනවා. මෙමඟින් පාරිභෝගිකයින්ට උසස් ප්‍රමිතියෙන් යුත් සූර්ය බලශක්ති පද්ධති වඩාත් පහසු මූල්‍ය ක්‍රමවේද යටතේ ලබා ගැනීමට අවස්ථාව උදා වනවා. මෙම සූර්ය බලශක්ති පද්ධතිවල ඇති ඉහළ කාර්යක්ෂමතාවය සහ ඒවායින් ලැබෙන දිගුකාලීන මූල්‍ය ඉතිරිය නිසා මෙය නිවාස මෙන්ම ව්‍යාපාරික අංශ සඳහා ද ඉතා ලාභදායී ආයෝජනයක් වනු නිසැකයි,” යනුවෙන් යැයි Access Solar පුද්. සමාගමේ අධ්‍යක්ෂ ප්‍රසන්න දිසානායක මහතා පැවසීය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව