නොසැලෙන මූල්‍ය ශක්තියක් සමඟින් දිනෙන් දින දියුණු වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය)

01 Image

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත බලවේගයක් බවට පත් වී තිබේ. ‘Breaking Barriers, Forging Futures’ තේමාව මුල් කරගත් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය), රක්ෂණ, ප්‍රාග්ධන වෙළඳපොළ සහ බැංකු නොවන මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන Janashakthi Life, First Capital සහ Janashakthi Finance යන ප්‍රධාන සමාගම් තුනකින් සමන්විත වේ.

මෙම සමාගම් තුන මෙරට පුද්ගලයන් සහ ව්‍යාපාර වෙනුවෙන් රක්ෂණ, ආයෝජන සහ මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. එම සේවාවන් මේ වන විට අදාළ ක්ෂේත්‍ර තුළ බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.  ඒ නිසාම අදාළ ක්ෂේත්‍ර තුළ ඉහළම මට්ටමේ කාර්ය සාධනයක් වාර්තා කිරීමට මෙම සමාගම්වලට හැකි වී ඇත.




තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාවන් ලබාදීමෙන් නොනැවතී ඔවුන් සමඟ සමීප හා දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීමට JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සමත් වී තිබේ. Janashakthi Life මඟින් ගනුදෙනුකරුවන්ට විශ්වාසනීය ජීවිත රක්ෂණ විසඳුම් හිමි වන අතර, First Capital සමාගම ආයෝජකයන්ට තම ධනය වර්ධනය කරගැනීමට පැහැදිලි මඟපෙන්වීමක් ලබාදෙයි. Janashakthi Finance සමාගම පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් ඵලදායී, කඩිනම් සහ කාර්යක්ෂම මූල්‍ය පහසුකම් පිරිනැමීමට කැප වී සිටී.

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා පැවසුවේ, සමූහයේ ශක්තියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි ඒකාබද්ධ ව්‍යුහය බවයි. එකම ව්‍යුහයක් යටතේ සමාගම් තුනෙහිම සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීම සමූහයේ ඉලක්කය වී තිබේ. මේ නිසා රක්ෂණ, ආයෝජන සහ මූල්‍ය සේවාවන් එකම සමූහයෙන් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබී ඇත. 2026 වසරේදී මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින්, තම සේවාවන් ජාත්‍යන්තර තලය වෙතද ව්‍යාප්ත කිරීමට සමූහය බලාපොරොත්තු වෙයි.

මූල්‍ය සේවාවන් ඔස්සේ ධනය වර්ධනය කිරීම සහ ජීවිත වඩාත් යහපත් කිරීම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි මූලික ව්‍යාපාරික ඉලක්කය වී තිබේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තම සේවාවන් වැඩිදියුණු කිරීමට සහ නව සේවාවන් හඳුන්වා දීමට මෙන්ම කිසිදු භේදයකින් තොරව සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් පිරිනැමීමට සමූහය දිගින් දිගටම කටයුතු කරමින් සිටී. එමෙන්ම මෙම අරමුණ සඳහා තවත් සමාගම් හා ආයතන රැසක් සමඟ අත්වැල් බැඳගැනීමටද සමූහය පියවර ගෙන ඇත.

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) යනු ගනුදෙනුකරුවන්ට පමණක් අවධානය යොමුකරන සමූහයක් නොවේ. සිය කාර්ය මණ්ඩලයේ දියුණුව වෙනුවෙන්ද සමූහය සහ එහි සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර, ඒ ඔස්සේ ඉතාමත් යහපත් ආයතනික සංස්කෘතියක් ස්ථාපිත කිරීමට එම සමාගම්වලට හැකි වී ඇත. ඒ නිසාම, 97% ක ධනාත්මක ප්‍රතිචාර අනුපාතයක් සහ 93% ක සමස්ත ලකුණු අනුපාතයක් ලබාගනිමින් “Great Place to Work” පිළිගැනීම හිමිකර ගැනීමට JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සමත් විය. මේ වන විට සමූහයේ අනාගත නායකයන් වෙනුවෙන් නවක අධ්‍යක්ෂ පුහුණු වැඩසටහන් සහ කළමනාකරණ අභ්‍යාසලාභී වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක්ද ක්‍රියාත්මක වේ.

දශක ගණනාවක් පුරා තමන් ලැබූ අත්දැකීම් හා පළපුරුද්ද තුළින් පන්නරය ලබමින් සිය ගනුදෙනුකරුවන් ඇතුළුව තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපත උදාකර දීම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම අරමුණයි. ඉදිරියේදී ඩිජිටල් පරිවර්තනය හා නවෝත්පාදනය ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට වඩාත් හොඳින් ගැළපෙන සහ පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දීමට ජනශක්ති JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) සැලසුම් කර තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව