කොමර්ෂල් බැංකුව කළුවන්චිකුඩි හි නව ශාඛාවක් විවෘත කරයි

Kaluwanchikudy opening (LBN)

සියලු ගනුදෙනුකරුවන්ට පහසු හා අති නවීන බැංකු සේවා ලබාදීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවන්චිකුඩි නගරයේ සිය නවතම ශාඛාව විවෘත කර ඇත.

මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය ආර්. සිවඥානම් මහතා ද සහභාගී වූහ.

කළුවන්චිකුඩි, ප්‍රධාන වීදියේ අංක 300 දරන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාවෙහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) සහ මුදල් තැන්පතු සහ ආපසු ගැනීමේ යන්ත්‍රයක් (CRM) ස්ථාපිත කර ඇත. ඒ මඟින් ගනුදෙනුකරුවන්ට වසරේ දින 365 පැය 24 පුරාම බැංකු සේවා ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයේ නියෝජිතයන් සහ ශාඛාවේ කළමනාකරු ලෙස කටයුතු කරන ටී. සුගන්දන් මහතා සමඟ නව ශාඛාව විවෘත කරන අවස්ථාවයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව