
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) එක්ව BYD SEALION 8 SUV රථය ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට නිල වශයෙන් හඳුන්වා දුන්නේය.
මාර්තු 10 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවැති විශේෂ උත්සවයකදී ආසන හතකින් යුත් BYD SEALION 8, plug-in hybrid SUV රථය පළමුවරට මෙරට වෙළඳපොලට හඳුන්වා දෙන ලදී. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත DM-p මාදිලිය ඇතුළුව මෙම වාහන මාදිලිය හඳුන්වා දුන් ලොව පළමු රටවල් කිහිපයෙන් එකක් ශ්‍රී ලංකාව වීම ද තවත් විශේෂත්වයකි.
මෙම අවස්ථාවට එක්වෙමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාව BYD SEALION 8 හඳුන්වා දුන් ලොව පළමු වෙළඳපොළවලින් එකක් වීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට වෙළඳපොළ කෙරෙහි BYD සතුව ඇති දැඩි විශ්වාසයයි. මෙම විශ්වාසය අප ගොඩනගා ගනු ලැබුවේ අප මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ වාහන බෙදා හැරීම ආරම්භ කළ දා සිට මෙරට පාරිභෝගිකයින්ගෙන් අපට ලැබුණු විශිෂ්ට ප්‍රතිචාරය නිසයි.” යනුවෙනි.
අපගේ මාර්ගවල දැන් BYD වාහන 8,500 කට වඩා දැකිය හැකියි. ඉන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකිකයන් නව බලශක්ති වාහන වෙත ගමන් කිරීමට සූදානම් බවයි. උසස් DM-p ක්‍රියාකාරීත්වය සහිත hybrid තාක්ෂණය සමඟින් එන BYD SEALION 8 යනු BYD වෙතින් හොඳම දේ අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට අප ලබා දෙන විසඳුමයි. ඒ සමඟම වඩාත් තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ද එය උපකාරී වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
BYD SEALION 8 යනු ශ්‍රී ලංකාවේ BYD හි වාහන පරාසයට එක් වූ වැදගත් එකතු කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය. එය ඉහළ කාර්යසාධනය සහ ඉඩකඩ සහිත ආසන හතක වාහනයක් අවශ්‍ය පවුල් සඳහා නිර්මාණය කර ඇත. ඉහළ කාර්යසාධනයක් සහිත plug-in hybrid (PHEV) විදුලි වාහනයක් ලෙස BYD SEALION 8 එදිනෙදා ගමන් බිමන් සඳහා විදුලිය භාවිතා කරමින් දිගු දුරක් ගමන් කළ හැකි අතරම දිවයින පුරා ගමන් කිරීමට ප්‍රමාණවත් රිය පැදවීමේ හැකියාවක් ද ලබා දෙයි.
මෙම උත්සවය සඳහා පාරිභෝගිකයින්, ව්‍යාපාරික සහ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් එක්ව සිටියේය. මෙහිදී Dynamic (DM-i) සහ Premium (DM-p) මාදිලි දෙකම ප්‍රදර්ශනය කරන ලදී.
මෙම උත්සවයේ තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ BYD හි Dual Mode hybrid පද්ධතිය භාවිතා කරන DM-p ප්‍රභේදය හඳුන්වාදීමයි. මෙය පවුල්වලට එදිනෙදා භාවිතය සමඟ ශක්තිමත් රිය පැදවීමේ කාර්යසාධනය යන දෙකම ලබා දීම සඳහා නිර්මාණය කර ඇති hybrid පද්ධතියකි.
DM-i (Dual Mode Intelligent) මාදිලිය ප්‍රධාන වශයෙන් ඉන්ධන කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති අතර, DM-p මාදිලිය ශක්තිමත් කාර්යසාධනය සඳහා ගොඩනගා ඇත. එය වේගවත් accelerate කිරීමක් ලබා දීම සඳහා ටර්බෝ පෙට්‍රල් එන්ජිමක්, විදුලි මෝටර දෙකක් සහ මාර්ගය සහ රිය පැදවීමේ තත්ත්වය අනුව වාහනයට ස්මාර්ට් සහ ස්වයංක්‍රීය ආකාරයකින් රෝද හතරටම බලය යැවිය හැකි පද්ධතියක් (intelligent all-wheel) භාවිතා කරයි. මෙමගින් වාහනයට තත්පර 4.9 කින් පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් ලබා ගැනීමට ඉඩ සලසන අතරම ශක්තිමත් රිය පැදවීමේ පරාසයක් ද පවත්වා ගනී.
මෙම මාදිලි දෙක මගින් BYD SEALION 8 කිලෝමීටර 1,118 දක්වා ධාවන පරාසයක් ලබා දෙයි. මෙමගින් රියදුරන්ට දෛනික ගමන් බිමන් සඳහා විදුලි පද්ධතිය භාවිතා කළ හැකි අතර දිවයින පුරා දිගු ගමන් බිමන් යාමට හා නැවත පැමිණීමේ හැකියාව ද ඇත.
BYD SEALION 8 හි ඇතුළත එහි ඉහළ කාර්යසාධනය සහ සුවපහසුවට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. එය විනෝදාස්වාදය සහ වාහන පාලනය සඳහා අඟල් 15.6ක විශාල තිරයකින් සහ වැඩිදියුණු කළ ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා උසස් තත්ත්වයේ 21-speaker පද්ධතියකින්ද සමන්විත වේ. තවද සුවපහසු ආසන, හිරු එළියෙන් ආවරණය වීමට විදුලියෙන් ක්‍රියාකරන තිරයක් සහිත විශාල වීදුරු වහලයක් මෙන්ම වාහනයේ පිටුපස බෑග්, ගමන් මලු දැමීමට ඉඩකඩ සහිත අවකාශය වැනි විශේෂංග සමඟින් BYD SEALION 8 දෛනික හා දිගු ගමන් බිමන් යන දෙකටම සුවපහසු සහ ප්‍රායෝගික වන පරිදි නිර්මාණය කර ඇත- මීට අමතරව අනතුරුවලදී මගීන් ආරක්ෂා කිරීමට airbags නවයක්, sensors සහිත අංශක 360 කැමරාව සහ Vehicle-to-Load (V2L) ඇඩැප්ටරය වැනි ආරක්ෂාවට හා සුව පහසුව සඳහා වන විශේෂංග කිහිපයකින් ද BYD SEALION 8 සමන්විත වෙයි.
BYD SEALION 8 දීප ව්‍යාප්ත සියලුම BYD ප්‍රදර්ශනාගාරවලින් Dark Aquamarine, Ridge Grey, Arctic White සහ Cosmos Black යන වර්ණවලින් දැන් ලබා ගත හැකිය.


