ශ්‍රී ලාංකීය වැවිලිකරුවන් සුරක්ෂා කරමින් ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය සිය ශත සංවත්සරය සමරයි

The Planters Association of Ceylon

මෙරට මුලින්ම පිහිටුවන ලද අර්ථසාධක අරමුදල් වලින් එකක් වන ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය 2026 මාර්තු 10වන දින සිය ශත සංවත්සරය මහත් අභිමානවත්ව සමරන ලදි. මෙම සංගමය නිල වශයෙන් අදින් වසර සියයකට පෙර මහනුවරදී ආරම්භ කල අතර වෘත්තීය වැවිලිකරණයෙහි නියුතු වැවිලිකරුවන්ගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කිරීම මෙම අරමුදලෙහි අරමුණ විය.

ස්වෙච්ඡා විශ්‍රාමික ඉතුරුම් ක්‍රමයක් ලෙස සාමාජිකයින් 331කින් ආරම්භ වූ මෙම අරමුදල වසරින් වසර ශක්තිමත්ව වර්ධනය වෙමින් අද වන විට සාමාජිකයින් 1700කට අධික සංඛ්‍යාවක් බවට පත් ව ඇත. 1946 වන විට සිය මූලික අභිප්‍රාය වූ සාමාජිකයින් 750ක ඉලක්කය සපුරා ගැනීමට ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය සමත් වූ අතර මෙම අරමුදලෙහි වර්ධනය සඳහා සේවක අර්ථ සාධක අරමුදල් පනතෙන් විශාල සහායක් හිමි වූයේ එය අනිවාර්ය දායකත්ව අරමුදලක් වූ නිසාය.




“ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට තම සේවා ජීවිතය කැප කළ අයට යුතුකම් ඉටු කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් ප්‍රජාවක දූරදර්ශී ක්‍රියාවක් ලෙස ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය, සාමාජිකයින් 331 කින් ආරම්භ වී අද වන විට සමාජිකත්වය 1,700 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වෙමින් වසර 100ක් පුරා සිය ආරම්භක දර්ශනයේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් සනාථ කර තිබේ. ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය සිය දෙවැනි ශතවර්ෂයට පිවිසෙන්නේ අතීතයේ සලකුණක් ලෙස නොව, එය ස්ථාපිත කරන ලද ප්‍රජාවේ අනාගතය සුරක්ෂිත කිරීමට කැප වූ ජීවමාන ආයතනයක් ලෙසයි,” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය පැවසීය.

විශ්‍රාමික දීමනාවට ඔබෙහි වූ සේවා වෙත යොමු වෙමින් සංගමය විසින් නිවාස ණය, අධ්‍යාපන සහාය, ජීවිත රක්ෂණ, ආදී ශ්‍රී ලංකාවේ වැවිලි වෘත්තිකයින් සඳහා සියලු අංශයන් ආවරණය කරන පූර්ණ සමාජ ආරක්ෂණ පැකේජයක් මේ වන විට නිර්මාණය කර ඇත.

ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමයේ ආරම්භය 1919 වසර දක්වා අතීතයට දිව යයි. එවකට හපුතලේ දිස්ත්‍රික් වැවිලිකරුවන්ගේ සංගමය විසින් වගාකරුවන් සඳහා විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට ලිපියක් යොමු කරන ලදී. ඒ අනුව, කර්නල් ටී. වයි. රයිට්ගේ සභාපතිත්වයෙන් යුතු උපකමිටුවක් පත් කර කෙටුම්පත් යෝජනා ක්‍රමයක් සකස් කරන ලද අතර, පසුව එය වෘත්තීය ජීවගණිතඥ (actuarial) සමාලෝචනය සඳහා ලන්ඩනයේ සීලෝන් ඇසෝසියෙශන් වෙත යොමු කරන ලදී.

1921 වන විට ඉංග්‍රීසි ජීවගණිතඥයින් සමඟ පැවැත්වූ සාකච්ඡා මඟින් ක්‍රියාත්මක කළ හැකි රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර තිබූ අතර, ඒ සමඟම වැවිලිකරුවන්ගේ ආදායම් අස්වැන්න හා මෝසම් චක්‍රයට අනුව වෙනස් වන ස්වභාවය සැලකිල්ලට ගනිමින්, නම්‍යශීලී ආයෝජන අරමුදලක් පිහිටුවීම පිළිබඳ සමාන්තර සාකච්ඡාද පැවැත්විණි. 1923 දී, කළුතර දිස්ත්‍රික් අංක 2 කමිටුව විසින් යෝජිත අරමුදල දිවයින පුරා සියලු වෘත්තීය වැවිලි සේවකයින් සඳහා අනිවාර්ය කිරීමට අදාල යෝජනාවක් ගෙන එමින් එය සම්මත කර ගන්නා ලදී. පුළුල් නීතිමය සංශෝධන සහ ලංකා වතු දේපල සංගමය  සමඟ සිදු කළ උපදේශන ක්‍රියාවලියෙන් අනතුරුව, 1926 මාර්තු 10 වැනිදා මහනුවරදී නිල වශයෙන් ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය ආරම්භ කරන ලදී.

“සංගමයේ භාරකරු ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය , එය ස්ථාපිත කරන ලද ප්‍රගතිශීලී මූලධර්ම සදාකාලිකව ආරක්ෂා කරමින් ක්‍රියා කර ඇත. අපගේ කැපවීම සෑම විටම අපගේ සාමාජිකයින්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම, වගකීම් සහගත හා සූක්ෂම මූල්‍ය කළමනාකරණයක් සහතික කිරීම, සහ වෙනස් වන ආර්ථික හා නියාමන පරිසරයන්ට වගකීම් සහිතව අනුවර්තනය වීම යන මූලධර්මයන් වෙත යොමු වී ඇත. ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමය, එහි අඛණ්ඩ පැවැත්ම සහ වර්ධනය යහපත් පාලනය, සාමූහික විශ්වාසය සහ දිගුකාලීන ආරක්ෂාව සඳහා වූ එක්සත් කැපවීමේ සජීවී සාක්ෂියකි.”

“අපි අභිමානවත් ශත සංවත්සරික සැමරුම් සන්ධිස්තානයක් වෙත එළැඹ සිටින අතර , සංගමය ස්ථාපිත කරන ලද මූලික අගයන් ආරක්ෂා කර ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම නැවත තහවුරු කිරීමද අවධාරණය කරනවා. එමෙන්ම අනාගත පරපුර සඳහාත්, අඛණ්ඩතාව, ස්ථාවරත්වය සහ විශිෂ්ටත්වය සමඟින් අපගේ සාමාජිකයින්ට සේවය කිරීම අපගේ අරමුණයි,” යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා ප්‍රකාශ පැවසීය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව