
පසුගියදා පවත්වන ලද Sri Lanka Franchise Expo 2026 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාම(Franchise) ක්ෂේත්‍රය කෙරෙහි ජාත්‍යන්තර අවධානය දැඩි ලෙස යොමු විය. එහිදී ගෝලීය සන්නාම දුසිමකට අධික ප්‍රමාණයක්, දකුණු ආසියාවේ උපායමාර්ගිකව වඩාත්ම වැදගත් ෆ්‍රැන්චයිස් වෙළඳපොළ ලෙස සැලකෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවස්ථා ගවේෂණය කළහ.
මෙම උත්සවයේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් වූයේ Franglobal සහ Don Stanley Holdings සමාගමට අයත් Fat Crab ආයතනය අතර ගිවිසුමක් අත්සන් කිරීමයි. මෙමඟින් ඔවුන් ඉන්දියාවේ දකුණුදිග ප්‍රදේශයේ පවතින සාරවත් මුහුදු ආහාර සංස්කෘතිය ඉලක්ක කරගනිමින් එරට තුළ ව්‍යාප්ත වීමට අපේක්ෂා කරයි. ඒ අනුව 2028 වසර වන විට ඉන්දියාව පුරා අලෙවිසැල් 25ක් දක්වා වර්ධනය කිරීමටත්, පසුව අග්නිදිග ආසියාව සහ මැදපෙරදිග කලාපය දක්වා ව්‍යාප්ත වීමටත් සැලසුම් කර ඇත.
පෙබරවාරි 14 වන දින කොළඹ මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වූ මෙම ප්‍රදර්ශනය, මහාද්වීප කිහිපයක ෆ්‍රැන්චයිස් ප්‍රධානීන් අනුමත කරන ලද ව්‍යාපාරික ආකෘති සොයන දේශීය ව්‍යවසායකයින් හා ආයෝජකයින් එකම වහලක් යටට ගෙන්වන ලදී. සාම්ප්‍රදායික ව්‍යාපාර ආරම්භ කිරීමේදී අවදානම් ඉහළ මට්ටමක පවතින පරිසරයක, මෙවැනි ආකෘති සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශයේ ප්‍රධානී දේවිකා ලාල් මහත්මියද ඇතුළු ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්විණි. මෙය හුදු ව්‍යාපාරික ව්‍යාප්තියකට වඩා, ව්‍යුහාත්මක ආර්ථික සංවර්ධනයක් ලෙස ෆ්‍රැන්චයිස් ක්‍රමය, රජයේ ප්‍රතිපත්තිමය මට්ටමින් පිළිගෙන ඇති බව තහවුරු කරයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා උත්සව අවස්ථාව අමතමින් මෙසේ සඳහන් කළේය: “අපේ රට ව්‍යවසායකත්වය සහ කර්මාන්ත සංවර්ධනය ශක්තිමත් කරමින් සිටින මෙවැනි වකවානුවක, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සන්නාම, ආයෝජකයින් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකට එක් කිරීමට Franglobal ආයතනය ගත් උත්සාහය අපි අගය කරමු. ෆ්‍රැන්චයිස්කරණය යනු හුදු ව්‍යාපාරික ආකෘතියක් පමණක් නොවේ. එය ආර්ථික වර්ධනය, නවෝත්පාදනය, රැකියා උත්පාදනය සහ දැනුම හා තාක්‍ෂණ හුවමාරුව ඇතුළුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) සංවර්ධනය සඳහා වූ ප්‍රබල මෙවලමකි. මෙම අවස්ථාව අප දෙරට අතර පවතින ආර්ථික හා වාණිජ සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස මම දකිමි.”
දේවිකා ලාල් මහත්මිය අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළාය: “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී ශක්තිමත් ආර්ථික පදනමක් හුවමාරු වෙනු දක්නට ලැබේ. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා මෙන්ම දෙවන විශාලතම අපනයන වෙළඳපොළ සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මූලාශ්‍රය වන අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජනවලින් (FDI) සියයට පනහක්ම සෘජුවම ඉන්දියාවෙන් පැමිණි ඒවා වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අප දෙරටේම ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, එය ජීවනෝපායන් නිර්මාණය කිරීම, රැකියා උත්පාදනය සහ වර්ධනය වේගවත් කිරීම සිදු කරයි. ද්විපාර්ශ්වික ආයෝජන සඳහා මෙය ඉතා සුදුසු කාලයක් වන අතර, අපගේ ව්‍යාපාරික ප්‍රජාවන් සම්බන්ධ කිරීමට සහ දෙරට අතර වාණිජ සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙවැනි ෆ්‍රැන්චයිස් ප්‍රදර්ශන අතිශයින් වැදගත් වේ.”
මෙම වැඩසටහන සඳහා ඉන්දු-ලංකා වාණිජ මණ්ඩලය, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, කොළඹ වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සහ ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ ෆ්‍රැන්චයිස් සංගමය යන ප්‍රධාන වාණිජ මණ්ඩල සහ කර්මාන්ත ආයතන හයක් සහයෝගය දැක්වීය.
ප්‍රදර්ශනයට එක්වූ සිල්ලර කෝපි වෙළඳාම, ශරීර සුවතා මධ්‍යස්ථාන, වෘත්තීය සේවා සහ ක්ෂණික ආහාර ආපනශාලා වැනි අංශ නියෝජනය කළ ජාත්‍යන්තර සහභාගිවන්නන්ට, මූලික තක්සේරුවලට වඩා බෙහෙවින් දියුණු වෙළඳපොළක් මෙහිදී හමු විය. Stellarossa, EasyGym, Coffeeshop Company, Action Coach, U Clean, Blenz Coffee, Tea Avenue, Impasti Pizza, Burgertory, Figaro’s Pizza, Barcelos, Yogurt Factory, සහ Orane International වැනි සන්නාම මෙහිදී දැකගත හැකි වූ අතර, මේවා ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වේගවත් වර්ධනයක් අත්කර ගන්නා ක්ෂේත්‍ර නියෝජනය කරයි.
ෆ්‍රැන්චයිස් ඉන්ඩියා සමූහයේ සභාපති ගෞරව් මරියා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් සතුව පවතින ප්‍රාග්ධන විනය, ජාත්‍යන්තර අත්දැකීම් සහ පැහැදිලි වර්ධන සැලසුම් නැගී එන වෙළඳපොළවල් අතර සුවිශේෂී වන බවයි. දේශීය වෙළෙඳපොළ ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ අවධානය ගැනීමට හේතු වී ඇති සාධක කිහිපයකි. එනම් මිලියන 22ක ජනගහනය තුළ නාගරික කලාපවල සංකේන්ද්‍රිත මිලදී ගැනීමේ හැකියාව, ඉන්දියාව සහ අග්නිදිග ආසියාව අතර පවතින උපායමාර්ගික භූගෝලීය පිහිටීම, බුද්ධිමය දේපළ සහ ගිවිසුම් බලාත්මක කිරීම සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ නීතිමය රාමුව, සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීම, සම්ප්‍රදායික ව්‍යාපාරවලට වඩා ව්‍යුහාත්මක මෙහෙයුම් පද්ධති කෙරෙහි දේශීය ව්‍යාපාරික ප්‍රජාව දක්වන උනන්දුව ආදිය ඒ අතර වෙයි.
ෆ්‍රැන්චයිස් ක්‍රමය මඟින් ආයෝජකයින්ට තහවුරු කරන ලද ව්‍යාපාරික ආකෘතියක්, සන්නාම පිළිගැනීමක් සහ සැපයුම්කරුවන් සමඟ සබඳතා ලැබෙන බැවින් ව්‍යාපාර අසාර්ථක වීමේ අවදානම අවම වේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සක්‍රීය මැදිහත්වීම මඟින් රැකියා උත්පාදනය වේගවත් කිරීම සහ ව්‍යාපාරික භාවිතයන් විධිමත් කිරීම රජයේ අරමුණයි
ෆ්‍රැන්චයිස් ලබාගන්නා පාර්ශවයේ (Franchisee) දෘෂ්ටිකෝණයෙන් බලන කල, මෙහි ඇති වටිනාකම ප්‍රධාන වශයෙන් අවදානම් අවම කිරීම (Risk mitigation) මත පදනම් වේ. ණය පහසුකම් ලබාගැනීම සීමිත සහ ව්‍යාපාර අසාර්ථක වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක පවතින වෙළඳපොළවල් තුළ, පිළිගත් සන්නාම නාමයක්, සැපයුම්කරුවන් සමඟ පවතින සබඳතා සහ තහවුරු කරන ලද මෙහෙයුම් ආකෘතියක් අත්පත් කර ගැනීම මඟින් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩි කරයි. සබඳතා මත පදනම් වූ ව්‍යාපාරික ආකෘතිවලට හුරු වූ දේශීය ආයෝජකයින් සඳහා, කළමනාකරණ සංකීර්ණතාවන් වැඩි නොවී ව්‍යාපාරය වර්ධනය කරගත හැකි ප්‍රමිතිගත ක්‍රියාවලීන් ෆ්‍රැන්චයිස් ක්‍රමය මඟින් ලබා දෙයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සක්‍රීය මැදිහත්වීම (හුදු චාරිත්‍රානුකූල සහභාගීත්වයක් පමණක් නොවේ), ෆ්‍රැන්චයිස් සංවර්ධනය මඟින් රැකියා උත්පාදනය වේගවත් කළ හැකි බවත්, විවිධ ක්ෂේත්‍ර පුරා ව්‍යාපාරික භාවිතයන් විධිමත් කළ හැකි බවත් රජය පිළිගෙන ඇති බවට ඉඟියකි. පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර පවතින මෙම පෙළගැස්ම, කෙටි කාලීන වර්ධනයක් වෙනුවට තිරසාර සංවර්ධනයක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරයි.
මෙම සිදුවීම සංවිධානය කර ඇති කාලවකවානුව, ජාත්‍යන්තර සන්නාම සහ ශ්‍රී ලංකාවේ පාර්ශවකරුවන් අතර මූලික සංවාදයක් ඇති කළ 2025 අප්‍රේල් මස පැවති ගෝලීය ෆ්‍රැන්චයිස් සංසදයට (Global Franchise Forum) පසුව එළඹෙන්නකි. හුදු ගවේෂණාත්මක සාකච්ඡාවල සිට මාස දහයක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රායෝගික හවුල්කාරිත්ව සාකච්ඡා දක්වා පැමිණීම, මෙය හුදෙක් එක් අවස්ථාවකට පමණක් සීමා නොවූ ප්‍රබල ප්‍රගතියක් බව පෙන්නුම් කරයි.


