SLIM ජාතික විකුණුම් සම්මාන 2025 හිදී සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි විකුණුම් විශිෂ්ටයින්ට සම්මාන රැසක්

Image - Sunshine Holdings’ SLIM National Sales Awards 2025 (LBN)

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පසුගියදා නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) සමාගමේ විශිෂ්ටතම විකුණුම් වෘත්තිකයන් 21 දෙනෙකු ඇගයීමට ලක් විය. එහිදී ඔවුන් රන් සම්මාන 7ක්, රිදී සම්මාන 5ක්, ලෝකඩ සම්මාන 7ක් සහ කුසලතා සම්මාන දෙකක් දිනා ගැනීම කැපී පෙනිණි.

වත්මන් තරගකාරී ව්‍යාපාරික පරිසරය තුළ විකුණුම් කණ්ඩායම් අතිශයින් වැදගත් වේ. ඔවුන් නිෂ්පාදන හා පාරිභෝගිකයින් සම්බන්ධ කරන අතර වෙළෙඳ නාම තානාපතිවරුන්, පාරිභෝගික සබඳතා ගොඩනඟන්නන් සහ ව්‍යාපාර වර්ධනයට සහාය වන නියමුවන් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පසුගිය වසර දෙක තුළ විකුණුම් කණ්ඩායම්වල දායකත්වය හේතුවෙන් මෙරට සමාගම්වලට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්හිදී පවා ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීමටත් කළමනාකරණය කිරීමටත් හැකි විය.



එවැනි පසුබිමක් තුළ මෙම සම්මානවලට හිමිකම් කියන ලද්දේ Sunshine Consumer Lanka සහ Sunshine Healthcare Lanka හි ඖෂධ, වෛද්‍ය උපාංග, ලීනා මැනුෆැක්චරින්, හෙල්ත්ගාඩ් ෆාමසි සහ බෙදාහැරීමේ අංශ ඇතුලත් විකුණුම් කණ්ඩායම් විසිනි. මෙම සම්මාන සමූහයේ විකුණුම් බලකායේ කැපවීම සහ සාමූහික ශක්තිය පිළිබිඹු කරන කදිම සාක්ෂියකි. ඉහළ තරගකාරිත්වයක් සහ වෙනස්වන වෙළඳපල තත්ත්වයන් යටතේ වුවද සෑම සාමාජිකයෙකුගේම දැඩි උනන්දුව, ධෛර්යය සහ නොපසුබට උත්සාහය ශක්තිමත් කාර්යසාධනයක් අත්කර ගැනීමට උපකාරී විය.

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී අපගේ විකුණුම් විශිෂ්ටයින් ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව සන්ෂයින් සමූහය ආඩම්බර වනවා වගේම ඔවුන්ගේ කැපවීම සහ ශක්තිය පෙන්නුම් කරනවා. මෙම සම්මාන මගින් පෙන්නුම් කරන්නේ එක් එක් පුද්ගලයාගේ දක්ෂතාවය මෙන්ම අපගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමට සහ වර්ධනය කිරීමට උපකාරී වන සාමූහික ශක්තියයි. ඒවගේම මෙම ඇගයීම මගින් සැමට ප්‍රතිලාභ ලැබිය හැකි සංස්කෘතියක් සහ ඉහළ ප්‍රමිතීන් ගොඩනැගීම සඳහා වන අපගේ කැපවීම අවධාරණය කරනවා. සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සාර්ථකත්වයට ඔවුන් ලබා දුන් දායකත්වය වෙනුවෙන් අපගේ සියලුම විකණුම් කණ්ඩායම් සාමාජිකයින්ට අපගේ ප්‍රණාමය පුද කිරීමට කැමතියි.” යනුවෙනි.

අඛණ්ඩව 23 වන වරටත් පවත්වනු ලැබූ SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරනු ලබයි. තවද මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කලාපයේ හොඳම විකුණුම් සම්මාන උළෙලක් ලෙස අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව විකිණුම් වෘත්තිකයන් හඳුනාගනිමින් ඇගයීම සිදුකරනු ලබයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව