SPAR ශ්‍රී ලංකා සිය 7 වන සංවත්සරය සමරයි – වාසනාවන්ත ජයග්‍රාහකයින් 22 දෙනෙකුට මැලේසියානු සංචාර වරම්.

Image I (LBN)

SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්,  අද වන විට දේශීය වශයෙන් ඉමහත් සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය, නැවුම් බව සහ විශිෂ්ට සේවාව තුළින්, SPAR වෙළැඳසැල් ජාලය අද වන විට ශ්‍රී ලාංකිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් සන්නාමයක් බවට පත්ව තිබේ.
 



 

සිය 7 වන සංවත්සරයට සමගාමීව SPAR වෙළඳසැල් ජාලය සිය පාරිභෝගිකයන් අගයනු වස් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කළේ ය. තෝරාගත් නිෂ්පාදන මිලදී ගැනීමෙන් සහ අවම බිල්පත් වටිනාකමක් සම්පූර්ණ කිරීමෙන් දහස් ගණනක් පාරිභෝගිකයින් මේ සඳහා සුදුසුකම් ලැබූහ. ඉතා විනිවිදභාවයකින් යුතු දිනුම් ඇදීමක් මගින් ඔවුන් අතරින් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 22 දෙනෙකුට, මැලේසියාවේ සංචාරය කිරීමට ජීවිතයේ අමතක නොවන අවස්ථාවක් හිමි විය. ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම් සහ නැරඹුම් චාරිකා ඇතුළත්, සියලු වියදම් දරන ලද මෙම නිවාඩු පැකේජය, ජයග්‍රාහකයින්ට අමතක නොවන මතකයන් රැසක් එක් කළේය.

සිය විශිෂ්ට සේවා ප්‍රමිතීන්, උසස් තත්ත්වයේ පිළියෙළ කරන ලද ආහාර, නැවුම් එළවළු සහ පළතුරු මෙන්ම, දේශීය හා ජාත්‍යන්තර නිෂ්පාදනවල විවිධත්වය හේතුවෙන් කීර්තියක් දිනා ඇති SPAR ශ්‍රී ලංකා, සිය මෙරට පාරිභෝගිකයින්ට සුපිරි වෙළඳසැල් අත්දැකීමක් ලබාදෙයි. SPAR ආයතනය, පාරිභෝගිකයින්ගේ එදිනෙදා සාප්පු සවාරිය හුදෙක් ගනුදෙනුවකට වඩා අර්ථවත් අත්දැකීමක් බවට පත් කර තිබේ.

මේ තුළින්, නූතන සිල්ලර වෙළඳාමෙන් පාරිභෝගිකයන් බලාපොරොත්තු වන දේ සඳහා නව මිම්මක් ස්ථාපිත කිරීමට ඔවුන් සමත් වී ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පාරිභෝගිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, සෑම පාරිභෝගික අත්දැකීමකටම සුවිශේෂී වටිනාකමක් එක් කිරීමට SPAR සමත් විය. අනාගත දැක්මක් සහිත SPAR ශ්‍රී ලංකා, තම පාරිභෝගිකයන් සාප්පු සවාරි අත්දැකීම, නවෝත්පාදනීය එකක් බවට පරිවර්තනය කිරීමටත්, ඉහළ වටිනාකම සහ විශිෂ්ට සේවාව මුල් කර ගනිමින්, නිරන්තරයෙන් වැඩි දියුණු කිරීමටත් කැපවී සිටී.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව