
සෙලාන් බැංකුව මෙරට විශාලතම ජාත්‍යන්තර රථවාහන හා රථවාහන උපාංග ප්‍රදර්ශනය වන Colombo Motor Show ප්‍රදර්ශනය සමඟ පවත්වාගෙන දීර්ඝකාලීන සමීප හවුල්කාරීත්වයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින්, අඛණ්ඩව 8 වැනි වරටත් එහි නිල බැංකු හා ලීසිං සහකරු ලෙස කටයුතු කරයි. බොහෝ දෙනෙකු ඉමහත් උනන්දුවෙන් බලා සිටින ප්‍රදර්ශනයක් වන මෙහි 2025 අදියර නොවැම්බර් 21, 22 සහ 23 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන Colombo Motor Show මෙවරත් ලොව නවතම මෝටර් රථ, උපාංග, අමතර කොටස්, ලිහිසි තෙල්, ටයර්, බැටරි සහ වෙනත් නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය කරන වෙළඳ කුටි 200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වනු ඇත. Asia Exhibition and Conventions (පුද්.) සමාගම මඟින් අඛණ්ඩව 19 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය නැරඹීමට වාර්ෂිකව රථවාහන ලෝලීන් මෙන්ම රථවාහන හා ඒ ආශ්රිත නිෂ්පාදන හා සේවාවන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නන් විශාල පිරිසක් ඇදී එති.
නිල බැංකු හා ලීසිං සහකරු ලෙස මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙමින්, නරඹන්නන්ට පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් හා ප්රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි. ආකර්ෂණීය ලීසිං පහසුකම්, ස්ථානීය ලීසිං තක්සේරු සේවා, පිරිසැකසුම් ගාස්තු සඳහා විශේෂ වට්ටම් සහ විශේෂ පොලී අනුපාත ආදිය ඊට ඇතුළත් වේ. තවද ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම් සහ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු කිරීම සඳහාම සැලසුම් කර ඇති පුළුල් පරාසයක පැතිරුණු ඩිජිටල් බැංකුකරණ සේවා රැසක්ද සෙලාන් බැංකුව විසින් Colombo Motor Show 2025 ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන් වෙත පිරිනමනු ඇත.
“Colombo Motor Show සමඟ අප පවත්වාගෙන යන හවුල්කාරීත්වය හුදෙක් අනුග්‍රාහකත්වයක් පමණක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වන මෝටර් රථ ක්ෂේත්රයේ පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කිරීම සඳහා සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරන්නක්. රථවාහන ලෝලීන්, ව්‍යාපාර සහ රථවාහන ක්ෂේත්රයේ නවෝත්පාදකයන් එකට එක්වන මේ සුවිශේෂී ප්‍රදර්ශනයට අප වසර අටක් තිස්සේ දායක වී තිබෙනවා. ඉදිරියටත් ආකර්ෂණීය ලීසිං සහ බැංකුකරණ විසඳුම් හරහා, අපගේ ගනුදෙනුකරුවන්ට වාහන හිමිකාරීත්වය සහ මූල්‍ය ප්‍රවේශය පහසු කිරීමේ මෙහෙවර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.
මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට රථවාහන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා තමන් දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කරන අතරම, පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ. වැඩිදුර තොරතුරු සඳහා 011-200 88 88 අංකයෙන් සෙලාන් බැංකුව අමතන්න.


