කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය බංග්ලාදේශ මහ බැංකු අධිපති හමුවෙයි

Bangladesh visit 2025 (LBN)

 කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රමුඛ පිරිසක් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අතර එහිදී බංග්ලාදේශයේ මහ බැංකු අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා හමුවිය.

බංග්ලාදේශයේ මූල්‍ය ස්ථාවරත්වය සහ ප්‍රතිපත්තිමය දිශානතිය, ආර්ථිකය හා පරිසර නියාමනය සහ කොමර්ෂල් බැංකුවේ උපාය මාර්ග බංග්ලාදේශ බැංකුවේ අරමුණු සමඟ සමපාත විය හැකි ආකාරය මෙම හමුවේ දී සාකච්ඡා කළ අතර බැංකුව විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වය, නව ව්‍යාප්ත වීම්, ශ්‍රී ලංකාවේ වේගවත් ආර්ථික වර්ධනය, මූල්‍ය අංශයේ පාලනය සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය යන කරුණු පිළිබඳව ද අවධානය යොමු විය. බංග්ලාදේශය IFRS වාර්තාකරණ ක්‍රමයට පරිවර්තනය වීමේදී අවශ්‍ය සහාය සහ උපදේශනය ලබා දීමටද කොමර්ෂල් බැංකුව එකඟ විය.

 



 

මෙම රැස්වීමට කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් මීවනගේ මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී මහමුද් හුසේන් මහතා ද සහභාගී විය.

කොමර්ෂල් බැංකුව 2003 වර්ෂයේ දී බංග්ලාදේශයෙහි සිය පළමු ජාත්‍යන්තර බැංකු ව්‍යපෘතිය ලෙස Credit Agricole Indosuez හි බංගලාදේශ මෙහෙයුම් ආරම්භ කළේය. අද මෙම මෙහෙයුම ශාඛා 20කින් සමන්විත එරට වඩාත්ම ගෞරවනීය විදේශීය බැංකුවක් බවට පත්ව ඇත. තවද බංග්ලාදේශයේ හොඳම විදේශ බැංකුව, හොඳම තිරසාර බැංකුව, හොඳම ආයතනික බැංකුව සහ බංග්ලාදේශයේ හොඳම පාරිභෝගික සේවා සැපයුම් බැංකුව ලෙස ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව වැනි රටවල ඇති ප්‍රමුඛ සඟරා සහ ආයතන වලින් සම්මාන සහ ඇගයීම් දිනා ගෙන ඇත. මෙම බංග්ලාදේශ බැංකු මෙහෙයුම අඛණ්ඩව වසර 15 ක් පුරා Credit Rating Information and Services Ltd (CRISL) වෙතින්  ‘AAA’ ණය ශ්‍රේණිගත කිරීම ලබා ඇත.

බංග්ලාදේශ මහ බැංකුවේ අධිපති සමඟ කොමර්ෂල් බැංකු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ ප්‍රධාන විධායක නිලධාරී නජිත් මීවනගේ මහතා, කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා, බංග්ලාදේශ බැංකුවේ අධිපති ආචාර්ය අහ්සාන් එච්. මන්සූර් මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බංග්ලාදේශ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී මහමුද් හුසේන් මහතා සේයාරුවෙන් දැක්වෙයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව