දැන් සෙලින්කෝ ලයිෆ් එක්ක සවාරි යන්න තරඟයක්

Run for Savari

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් දැන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමාගමේ සුප්‍රසිද්ධ ෆැමිලි සවාරි අත්දැකීම දිනා ගැනීම සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දිමට ‘Run for Savari’ අන්තර්ජාල ක්‍රීඩාව දියත් කර ඇත.

දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් හි ෆැමිලි සවාරි පිළිබඳ අසන්නට පමණක් ලැබුනේ එය සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ම පමණක් ලැබුණු සුවිශේෂී අවස්ථාවක් නිසාය. නමුත් මෙවර ප්‍රථම වරට එම සුවිශේෂී සවාරියට එක් වන්නට ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට සෙලින්කෝ ලයිෆ් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවලට ප්‍රවේශ වී විනෝදයෙන් තරඟ කිරීමෙන් අවස්ථාවක් දිනා ගත හැක.
 



 

දෙදෙනෙකුට සම්පූර්ණ වියදම් සමඟ මැලේසියා සංචාරයක් දිනා ගැනීමට මෙයින් අවස්ථාව ලැබේ. මේ සඳහා ක්‍රීඩාවට අවතීර්ණ වී, ලකුණු එකතු කර ගනිමින්, ජයග්‍රාහී නාම පුවරුවේ ඉහළටම යාමට හැකි වේ. 2025 දෙසැම්බර් 31 වන දින වන විට ඉහළම ලකුණු ලබාගත් තැනැත්තා මැලේසියාවේ සවාරිය දිනා ගන්නා අතර ඉහළම ලකුණු ලබාගත් 100 දෙනාගෙන් තෝරා ගන්නා තවත් හතර දෙනෙකුට ශ්‍රී ලංකාවේ සුපිරි හෝටලයක සම්පූර්ණ පහසුකම් සහිතව එක් රාත්‍රියක් සුවසේ ගත කිරීමට අවස්ථාව හිමි වන බව සමාගම පවසයි. තවද, සෑම සතියක ම සතියේ ජයග්‍රාහකයාට 2025 දෙසැම්බර් 31 දක්වා රු.10,000 ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචරයක් බැගින් ගත හැකිය.

මෙම ෆැමිලි සවාරි අත්දැකීම වෙනුවෙන් තරඟ කිරීමට කැමති අයට සෙලින්කෝ ලයිෆ් හි ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පිටු වෙත පිවිස Run for Savari ලින්ක් එක හරහා නොමිලේ  එම ක්‍රීඩාවට පිවිසිය හැකියි. රක්ෂණ ඔප්පු හිමියෙක් වුවත් නැතත් ෆැමිලි සවාරියට එක් වීමට ඔවුන්ට ලැබෙන අනගි අවස්ථාව මෙයයි.

සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසුවේ, පාරිභොගිකයින්ගේ වැඩිම ආදරය දිනාගත් ෆැමිලි සවාරි වැඩසටහනට මෙම මුලපිරීම හරහා දඟකාර නවමු අරුතක් ලබා දෙන බවයි. “ෆැමිලි සවාරි තුළින් සැමවිටම බලාපොරොත්තු වූයේ අත්දැකීම් බෙදා හදා ගැනීම හරහා ජනතාව එකමුතු කිරීමයි,” යනුවෙන් ඔහු පැවසීය. “Run for Savari නව ක්‍රියාදාමය සමඟින් අපි එම ප්‍රීතිමත් අත්දැකීම පුළුල් ප්‍රේක්ෂක පිරිසකට විවෘත කරනවා. සෙලින්කෝ ලයිෆ් රක්ෂණයක් නොමැති වුවද මෙම උද්යෝගකර අවස්ථාවට එක්වන ලෙස ශ්‍රී ලාංකික සැමට අප ආරාධනා කර සිටිනවා.”

වසර ගණනාවක් පුරාවට සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි තුළින් පවුල් 11,000 කට වැඩි පිරිසකට, එනම් සමස්තයක් ලෙස 37,000 කට වැඩි සංඛ්‍යාවකට ඕස්ටේ්‍රලියාවේ සිට ජපානය දක්වාත්, ඉතාලියේ සිට චීනය දක්වාත්, මැලේසියාවේ සුන්දර වෙරළ තීරයේ සිට පර්ල් බේ හි විශ්මිත ස්ලයිඩ දක්වාත්, ලොව පුරා අමතක නොවෙන අපූරු අත්දැකීම් ලබා දී ඇත. සෙලින්කෝ ලයිෆ් හැරෙන්නට පවුලේ විනෝදාස්වාදය ගැන සිතන වෙනත් අයෙකු නැති බව සනාථ කරමින් මෙවර 19 වන සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි තුළින් චීනයේ බීජිං නුවර, මැලේසියාව සහ බණ්ඩාරගම පර්ල් බේ වෝටර් පාක් වෙත සියලු වියදම් දරන ලද සංචාර ලබා දීමට සමාගම සූදානම්

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව