උඩවලව Doola River Edge සංචාරක රැකියා ප්‍රදර්ශනයට එක් වෙමින් මෙරට ශ්‍රම බලකාය ශක්තිමත් කරයි

MAIN IMAGE (LBN)

ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වටිනා රැකියා අවස්ථා සපයා තිබේ. සංචාරකයන් බහුලව පැමිණෙන උඩවලව ප්‍රදේශයේ පිහිටි Doola River Edge (www.doolariveredge.com) ගුණාත්මක සහ අංග සම්පූර්ණ සංචාරක අත්දැකීමක් බලාපොරොත්තු වන සංචාරකයන්ට කදිම නවාතැනකි. උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරි යාම, ඒ ආසන්නයේ පිහිටි උඩවලව ජලාශය, ගඟ සහ ස්වාභාවික සුන්දරත්වය නැරැඹීම, හරිත වර්ණයෙන් පිරුණු පරිසරයක පිහිටි පිහිනුම් තටාකයට වී විවේක ගැනීම, ගැමි ජීවිතය අත්විඳිම, පක්ෂීන් නැරැඹීම, උඩවලව අලි රැකවරණ මධ්‍යස්ථානය හා අලි පැටවුන්ට කිරි දීම නැරැඹීම වැනි මනරම් සංචාරක අත්දැකීම රැසක් ලැබීමට එහි පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව ලැබේ. උඩවලව ජලාශය වටා පාපැදිවලින් ගමන් කිරීමටද පහසුකම් සළසා ඇත. කුඩා ළමුන්ට ක්‍රීඩා කිරීමට විශේෂ ස්ථානයක් වෙන් කර තිබීම බොහෝ සංචාරකයන්ගේ පැසසුමට ලක් වේ.
 



 

Doola River Edge සුව පහසුව සපිරි ආරක්‍ෂිත කාමර සහ සුඛෝපභෝගී Suites රැසකින් සමන්විත වේ. නිදහස, විවේකය සහ පහසුව උපරිමයෙන් අත් විඳිය හැකි ලෙස, අවට සුන්දරත්වය නැරැඹිය හැකි බැල්කනි සහිත Single, Double, Tripple හා Family ආදි වශයෙන් කාමර පහසුකම් තිබීම සංචාරක ආකර්ෂණයට ප්‍රධාන හේතුවක් වී ඇත. පැය 24 පුරා ආහාර පාන ඇණවුම් කිරීමට ඇති හැකියාව, Wi-Fi සහ ආරක්ෂාව සංචාරකයන්ට අද්විතීය අත්දැකීමක් සහතික කරයි. දේශීය සංචාරකයන්ගේ විද්‍යුත් වාහන බැටරි ආරෝපණය සඳහා ආරෝපණ මධ්‍යස්ථානයක් පිහිටා තිබීම මෙම හෝටලයේ පරිසර හිතකාමී අංගයක් වන අතර දේශීය සංචාරකයන් වෙත සළසා ඇති පහසුකමකි. රැකියා ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් Doola River Edge ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට ඔවුන් සතු කැපවීම තහවුරු කර තිබේ. තිරසාර සංචාරක කර්මාන්තය, අද්විතීය සංචාරක අත්දැකීම් සහ අර්ථවත් රැකියා අවස්ථා ඒකාබද්ධ කරන ඔවුන් වේගවත් වර්ධනයක් අත් කර ගනිමින් මෙරට සංචාරක කර්මාන්තයේ ඉදිරියටම පැමිණ ඇත.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව