
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකාවේ රථවාහන ආනයන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන Browns හි විදුලි වාහන අංශය වන Browns EV සමඟ සුවිශේෂී ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුව වෙතින් විශේෂ පොලී අනුපාත සහිත කඩිනම් ලීසිං පහසුකම් හිමි වේ.
ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රචලිත කිරීමට දායක වීම සඳහා සෙලාන් බැංකුව දීර්ඝ කාලයක පටන් කැප වී සිටී. මෙම නව එකඟතාව එම කැපවීමෙහි තවත් සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි වේ.
සෙලාන් බැංකුව මෙම ලීසිං ක්‍රමය සැලසුම් කර ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල් තැන දෙමිනි. මේ යටතේ පාරිභෝගිකයන්ට තම ලීසිං පහසුකම සඳහා පැය 24 ක් ඇතුළත අනුමැතිය හිමි වන අතර, ආපසු ගෙවීම් සඳහා වසර 7 ක් දක්වා කාලය හිමි වේ.
මෙම ලීසිං සේවාවන්හි වාර්ෂික පොලී අනුපාතය 10% සිට ආරම්භ වන අතර, ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ ඔවුන්ට අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම නොඅඩුව ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං සේවා විශේෂඥයෝ සූදානමින් සිටිති. දිවයින පුරා විසිරී ඇති ශාඛා ජාලය හරහා, ලිපිලේඛන කටයුතුවල සිට අනුමැතිය ලැබීමෙන් පසු සිදු කළ යුතු කටයුතු දක්වා සමස්ත ක්‍රියාවලිය පුරාවට ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.
“Browns EV සමග මෙලෙස අත්වැල් බැඳගැනීම මගින් අපට පරිසර හිතකාමී වාහන වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමට අමතරව, පරිසරයේ යහපත උදෙසා අප දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා. මෙම ලීසිං සඳහා කඩිනමින් අනුමැතිය හිමි වීම මෙන්ම ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන සේවාව නිසා ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය වන විදුලි රථවාහන මිලදී ගැනීමට හැකියාව ලැබේවි.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසීය.
“අපගේ පාරිභෝගිකයන්ට නම්‍යශීලී, තරගකාරී සහ කඩිනම් ලීසිං විසඳුම් ලබා දීම සඳහා සෙලාන් බැංකුව සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් ජනතාවට වඩාත් පහසුවෙන් විදුලි වාහන මිලදී ගැනීමට හැකි වන අතර, වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙනවා.” Browns EV Limited හි අධ්‍යක්ෂ නිවේන් නානායක්කාර මහතා පැවසීය.
සෙලාන් බැංකුව සහ Browns EV අතර ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය, ප්‍රවාහන හා ගමනාගමන ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීමේදී නවෝත්පාදනය සහ තිරසාරත්වය කෙතරම් වැදගත්ද යන්න මැනැවින් පෙන්වා දෙයි.
Browns EV වෙතින් විදුලි වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට සෙලාන් බැංකුවේ මෙම සුවිශේෂී ලීසිං පහසුකම දැන් ලබාගත හැක.
වැඩිදුර තොරතුරු සඳහා සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011-200 88 88 අමතන්න.


