SLIM DIGIS 2.5 හිදී dsityreshop.com සම්මාන හතරකින් පිදුම් ලබයි

Sinhala-Innovative dsityreshop.com by DSI Tyres (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනය මැනවින් ප්‍රදර්ශනය වේ.
 



 
ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක වන බහු නාලිකා ආකෘතියක් වන  Pick-Up from Dealer හරහා ඇණවුම් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට මෙන්ම  බලයලත් DSI Tyres අලෙවිකරුවන්ගෙන් පහසුවෙන් එම ටයර් සවි කර ගැනීමට ද පාරිභෝගියන් වෙත අවස්ථාව  සැලසේ. මේ ඔස්සේ ඩිජිටල්  පහසුකම් සහ විශ්වසනීය වෙළෙඳසැල් සේවාව ඒකාබද්ධ කරයි.

SLIM DIGIS 2.5 හිදී විශිෂ්ට කාණ්ඩයේ රිදී සම්මාන ද්විත්වයක්ම (SILVER) දිනා ගැනීමට dsityreshop.com සමත් විය. එනම්,

  • Best use of Digital in a Marketing Campaign for Automotive
    • Best Use of Data & Predictive Intelligence

එමෙන්ම තවත් සුවිශේෂී ඇගයීම් කිහිපයක් ද dsityreshop.com වෙනුවෙන් හිමි වූ අතර එම ජයග්‍රාහණයන් පහත දැක්වේ.

  • Bronze – Best Performance Marketing Campaign
    • Merit – Best SEO/SEM Campaign

DSI Tyres සහ ලොව ප්‍රකට Hankook Tyres අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමේ හැකියාව මෙම ද්විත්ව පද්ධතිය හරහා පාරිභෝගිකයා වෙත පිරිනමයි. එමෙන්ම dsityreshop.com වාණිජ වේදිකාව හරහා සිය ඇණවුම් ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමට හෝ pick up from dealer ඔස්සේ අලෙවි නියෝජිතයා වෙතට ගොස් පහසුවෙන් තම වාහනයට සවි කර ගැනීමට ද මේ තුළින් අවස්ථාව සලසා ඇත.

මෙම ජයග්‍රහණයන් පිළිබඳ අදහස් දක්වමින්  DSI Tyres හි කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “SLIM DIGIS 2.5 හිදී dsityreshop.com වෙනුවෙන් සම්මාන හතරක් දිනා ගැනීමට හැකිවීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා.  ශ්‍රී ලංකාවේ පළමු වරට ටයර් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ ඩිජිටල් නවෝත්පාදනයන් ඔස්සේ සුවිශේෂී පරිවර්තනයක් සිදු කිරීම සඳහා වූ අපගේ දැක්ම මෙම ජයග්‍රහණ ඔස්සේ මැනවින් ඉස්මතු වෙනවා. මෙම නව්‍ය ව්‍යාපාර ආකෘතියට නායකත්වය ලබා දෙමින් අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම  සමාගමට ද සැබෑ  බලපෑමක් ඇති කරමින් යහපත් ප්‍රතිඵල අත් කර දුන් අලෙවිකරණ සහ ඩිජිටල්-වාණිජ කණ්ඩායම මම ඉහළින්ම අගය කරනවා.”

මෙම ජයග්‍රහණයන් ඔස්සේ dsityreshop.com ශ්‍රී ලංකාවේ ටයර් ක්ෂේත්‍රයේ නවීනතම සහ සම්මානනීය වාණිජ වේදිකාව ලෙස සිය ස්ථාවරය තහවුරු කරමින් වෙළෙඳපොල තුළ නව මිනුමක් සලකුණු කරයි.එමෙන්ම,ඩිජිටල් තාක්ෂණය හරහා ටයර් මිලදී ගැනීම පිළිබඳ අනාගත දැක්ම තවදුරටත් සවිබල ගන්වමින් ඒ සඳහා  නව අර්ථයක් ද මෙමඟින් එක් කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු dsityreshop.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව