
HUTCH සමාගම පසුගියදා පැවැති Dragons of Sri Lanka සම්මාන උළෙලේදී සිය නිර්මාණාත්මක විශිෂ්ටත්වය සහ සන්නාමයේ ශක්තිය යළි තහවුරු කරමින් සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.
අතිශය තරඟකාරී ‘Small Budget, Big Impact’ යන කාණ්ඩය යටතේ, ‘Motherhood Unboxed’ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් HUTCH සමාගම රන් සම්මානය හිමි කර ගන්නා ලදී. Ngage Strategic Alliance සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපාරය තුළින් ඉලක්කගත අරමුණක් වෙනුවෙන් තියුණු නිර්මාණශීලීත්වය ඔස්සේ අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි බව පෙන්වා දුන්නේය. මෙම ප්‍රචාරක ව්‍යාපාරය ප්‍රේක්ෂකයින් අතර ගැඹුරු කතාබහට ලක් වූ අතර, Ngage ආයතනයේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය මෙන්ම පාරිභෝගිකයින් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට සහ ක්ෂේත්‍රය තුළ කැපී පෙනීමට HUTCH සතු හැකියාව ද මෙයින් විදහා දැක්විණි.
මීට අමතරව, HUTCH සමාගම ‘Tallest Christmas Tower’ නිර්මාණය සදහා ‘Innovative Idea or Concept’ යන කාණ්ඩය යටතේ Black Dragons සම්මානයක් ද හිමි කර ගත්තේය. Thomspson Associates (TBWA) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන, නවෝත්පාදනය සඳහා HUTCH සන්නාමයේ විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කළේය. මෙම වැඩසටහන, වෙනස් ලෙස සිතීමට සහ සීමාවන් බිඳ දමමින් අමතක නොවන අත්දැකීම් නිර්මාණය කිරීමට HUTCH සතු හැකියාව ඉස්මතු කළේය.
මෙම ඇගයීම් HUTCH සමාගමෙහි විශ්වාසනීයත්වය සහ නිර්මාණශීලීත්වය තහවුරු කරන අතර, ඒ හේතුවෙන් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව, කලාපීය වශයෙන්ද බලපෑමක් ඇති කිරීමට සමත්වී තිබේ. මේ සමඟම, HUTCH සමාගම සිය පාරිභෝගිකයන්ට ලබා දෙන වටිනාකම මෙන්ම සහයෝගිතා ශක්තිය තුළින් ජනතාව අතර ජනප්‍රිය විදුලි සංදේශ සන්නාමයක් බවට පත්ව ඇති බව තහවුරු කරයි.
HUTCH Sri Lanka පිළිබඳව
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය.
1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත.
රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී.


