සණස ඉතිහාසයේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන දියත් වෙයි

SANASA

සණස ලයිෆ් හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේදී එළි දැක්වුණු අතර ඓතිහාසික ගැටබරුව මහා විහාරස්ථානයේ ආශිර්වාදය සහිතව මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ විය. මේ හරහා සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට වටිනා ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව උදා වේ. දැනටමත් සණස ලයිෆ්‍ හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද  මෙම දිනුම් ඇදීමට සහභාගී විය හැකිය. සණස ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් අඛණ්ඩව වාරික ගෙවීම් තුනක් සම්පූර්ණ කළ පසුව දිනුම් ඇදීමට ඇතුළත් වේ. ඉහත සුදුසුකම් සපුරන සෑම රක්ෂණ ඔප්පු හිමියෙකුටම දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාව ලැබෙන අතර රක්ෂණ ඔප්පුවේ කාලය දිගු වීමත් සමඟ ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාද වැඩි වේ.

 



 
මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් සෑම මසකම ජයග්‍රාහී පවුල් 4කට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාප්පු සංකීර්ණයක සාප්පු සවාරියක් හිමි වන අතර කාර්තුමය වශයෙන් ජයග්‍රාහකයන් 120කට පර්ල් බේ විනෝද උද්‍යානයේ දිනයක් ගත කිරීමේ අවස්ථාව හිමි වේ. තවත් ජයග්‍රාහකයන් 36කට ශ්‍රී ලංකාවේ අසිරිය දැක බලා ගැනීමට හෙලිකොප්ටර් චාරිකාවක් හිමි වේ. තවත් ජයග්‍රාහකයන් 56කට තරු පන්තියේ හෝටලයක නවාතැන් ගැනීමේ අවස්ථාව ලැබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගය කාණ්ඩ 4ක් යටතේ දීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ජයග්‍රාහකයන් 20කට අවස්ථාව හිමි වේ. ප්‍රධාන ත්‍යාගයේ පළමු කාණ්ඩය ඉන්දියානු  සංචාරයකි. දෙවන කාණ්ඩය මැලේසියානු සංචාරයකි. තෙවන කාණ්ඩය සිංගප්පූරු සංචාරයකි. සිව්වන කාණ්ඩය යුරෝපා සංචාරයකි. සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, “මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා අපගේ රක්ෂණ සේවා පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අමතරව ඔවුන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට මෙන්ම ඔවුන්ට අමරණීය මතක රැසක් ළඟා කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ වර්ධනයට සහයෝගය දෙමින් අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන්ට කෘත ගුණ සැළකීමක් විදියටත් මෙම ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දිය හැකියි. අසම සම ප්‍රතිලාභ ලබන අතරතුර මෙම සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනෙන් පිරිනමන වටිනා ත්‍යාග දිනා ගැනීමටත් සණස ලයිෆ් සමඟ එක් වන ලෙස මම ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරනවා.” යනුවෙන් පැවසුවේය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව