කොමර්ෂල් බැංකුව ප්‍රයිම් EV ඔටෝමොබයිල් එක්ව විශේෂ ලීසිං විකල්ප ලබා දෙයි

Leasing promo - Prime EV (LBN)

කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප ලබා දෙනු ඇත.

මෙම විශේෂ ලීසිං දීමනා සහ ප්‍රතිලාභ 2025 වසර අවසානය දක්වා ලබා ගත හැකි බවත්, චීනයේ චැන්ගන් ඔටෝමොබයිල් විසින් නිෂ්පාදනය කරන E07 Deepal, S05 Deepal, L07 Deepal, S07 Deepal, K 50 පික්-අප් සහ ලුමින් චැන්ගන් වැනි වාහන මාදිලි ආවරණය කරන බවත් බැංකුව පවසයි.

 



 

වාහනවල වටිනාකමෙන් 90%ක් දක්වා මුදලක් ලබා දීම; පාරිභෝගිකයින්ගේ මුදල් ප්‍රවාහයන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද අභිරුචිකරණය කළ ආපසු ගෙවීමේ සැලසුම් ක්‍රම; රක්ෂණ වාරික සඳහා පහසු ගෙවීමේ සැලසුම්; බැංකුවේ දිවයින පුරා ශාඛා ජාලය හරහා කඩිනම් අනුමැතිය සහ රක්ෂණ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් පිරිනමන විශේෂ රක්ෂණ වාරික ආදී විශේෂ ප්‍රතිලාභ

මෙම ප්‍රවර්ධන කාලය තුළ ලීසිං ගනුදෙනුකරුවන්ට ලබා ගත හැකි වේ.

මෙම ප්‍රතිලාභවලට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලබා දෙන ලීසිං පහසුකම් සියල්ල හරිත ලීසිං ක්‍රම ලෙස සලකා එම කාණ්ඩයේ ප්‍රතිලාභ සඳහා ඔවුන්ට සුදුසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එකඟ වී ඇත.

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන චැන්ගන් ඔටෝමොබයිල්ස් සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් ගමනාගමනයේ නවතම ඉල්ලුම සපුරාලමින් නිර්මාණය කර ඇති නව්‍ය, පරිසර හිතකාමී විදුලි වාහන කළඹක් ඉදිරිපත් කරයි. තිරසරභාවය සහ තාක්ෂණික දියුණුව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් රැකියා නිර්මාණය සහ කර්මාන්ත නව්‍යෝත්පාදනය තුළින් දේශීය ආර්ථික සංවර්ධනයට දායක වන අතරම, ශ්‍රී ලංකාවේ පිරිසිදු ප්‍රවාහනය සඳහා ප්‍රයිම් EV  සහාය දක්වයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් බැංකුව මෑතකදී විවෘත කළ අතර, මෙම සන්ධිස්ථානය කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ. එය බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරකි. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව