SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක බවට පත් වෙයි

Image - SLT-MOBITEL strengthens enduring partnership with IESL at Techno 2025 (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවර ‘සුහුරු දේශයක් සඳහා ඉංජිනේරුකරණය’ (‘Engineering for a Smart Nation)  යන තේමාව යටතේ පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය රට තුළ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාව අනාගත තාක්ෂණික අභියෝගවලට සූදානම් කරවීම අරමුණු කරගත් ඉංජිනේරු හා තාක්ෂණික නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා සුදුසුම වේදිකාවක් ලෙස සැලකේ.
 



 

ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදී SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී ජානක  අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතාද එක් විය.

Techno 2025 ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. එහිදී SLT-MOBITEL විසින්ද නවතම තාක්ෂණික විසඳුම් සහ ඩිජිටල් නවෝත්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, මෙය තාක්ෂණ හා සම්බන්ධතා ක්ෂේත්‍රයන්හි අනාගතය දැකගැනීම සඳහා මෙරට ජනතාවට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව