දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සවිමත් කරන්නට, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් වෙතින් පිටිපන මහා විද්‍යාලයට ‘අධි ශක්ති’ පරිත්‍යාගයක්.

img 01 (LBN)

ළමුන්ගේ යහපැවැත්ම සහ අධ්‍යාපනය සඳහා නොමසුරු දායකත්වයක් ලබා දෙමින් සහ ‘දේශය පෝෂණය කිරීමේ’ සිය සන්නාම පොරොන්දුව තහවුරු කරමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් මෑතකදී බප/හෝ/පිටිපන මහා විද්‍යාලයට මාසිකව ක්ෂුද්‍ර පෝෂක-ශක්ති තිරිඟු පිටි කිලෝග්‍රෑම් 300ක් පරිත්‍යාග කිරීමේ මෙහෙවරක් ආරම්භ කරනු ලැබීය.

වැඩිදියුණු කළ දෛනික පෝෂණය තුළින් ළමා සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් හි ප්‍රජා සත්කාරකත්වය වෙනුවෙන් වූ අඛණ්ඩ කැපවීමේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.
 



 

මෙම අවස්ථාවට පිටිපන මහා විද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය ඉතා උද්යෝගයෙන් සහභාගී වූ අතර, සිසුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා පරිත්‍යාගය තුළින් ලැබෙන පෝෂණීය වටිනාකම ප්‍රතිලාභීන්ගේ පැසසුමට ලක් විය.

‘ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ හා ක්ෂුද්‍ර පෝෂක සමීක්ෂණය: 2022’ මඟින් නිගමනය කර ඇති පරිදි, ළමා මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන්, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ දිගුකාලීන සෞඛ්‍යයට බෙහෙවින් බලපා ඇත.1

 සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස්, මෙරට පෝෂණ ඌණතා සහිත කලාප හඳුනා ගනිමින් ඊට විසඳුම් නිර්මාණය කිරීමට නිරතුරුවම කැපවීමෙන් කටයුතු කරන අතර, විශේෂයෙන්ම ඉතා අඩු පහසුකම් ඇති ප්‍රදේශවලින් මෙම කාර්යය ආරම්භ කර ඇත. සමාගමේ ප්‍රධානතම නිෂ්පාදනයක් වන ෆෝටිෆයිඩ් තිරිඟු පිටි, වැඩෙන දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම සංජානන සහ ශාරීරික සංවර්ධනයට ද සහාය වන බවට තහවුරු කළ, අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක තුනක් වන යකඩ, ෆෝලික් අම්ලය සහ විටමින් B12 වලින් පොහොසත්ය.

ජනතාව බහුලව පරිභෝජනය කරන ප්‍රධාන ආහාර සමඟ සම්බන්ධ කරමින්, ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීමට සහාය වීම මඟින් මෙම පෝෂණ අභියෝගය ජය ගැනීමට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් කටයුතු කරනු ලබන්නේ තිරසර මෙන්ම ප්‍රායෝගික විසඳුමක් ද රටටම පෙන්වා දෙමිනි. එමෙන්ම, මෙම මුලපිරීම මඟින් සමාගමේ දිගුකාලීන ප්‍රජා සෞඛ්‍ය, සංවර්ධනය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා සහාය වීමේ පුළුල් ඉලක්කය ද ඉස්මතු කරයි.

මෙම පරිත්‍යාගය තුළින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට සහ පාසල් කාර්ය සාධනය සහ පැමිණීම වැඩි කිරීමට උපකාරී වන අතර, පන්ති කාමරයේ සහ අනෙකුත් පාසල් විෂයමාලාවල දියුණුවට සිසුන්ගේ සූදානම ද සහතික කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව