HUTCH සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කරයි

HUTCH and Ministry of Education Empower Students with Green Mobility in Anuradhapura (LBN)

රටේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් විදුලි පාපැදි 100 ක් පරිත්‍යාග කිරීමට HUTCH පසුගියදා කටයුතු කළේය. එම පාපැදි බෙදාදීමේ උත්සව දෙකක් 2025 ජූනි 27 දින අනුරාධපුර බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදී සහ සහිරා විද්‍යාලයේදී පැවැත්විණි. HUTCH සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර මෙම වසර ආරම්භයේදී ඇතිකරගන්නා ලද හවුල්කාරීත්වයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම පාපැදි පරිත්‍යාග කරන ලදි.



දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දරුවන්ට ඇතැම් විට පාසල් යාම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදු වේ. HUTCH විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ එම වෙහෙස අවම කරමින් ඔවුන්ට පාසල් අධ්‍යාපනය වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කිරීමේ අරමුණිනි.

මෙම පාපැදි බෙදාදීමේ උත්සවවලට අධ්‍යාපන අමාත්‍යංශයේ සහ HUTCH සමාගමේ නිලධාරීන්, අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී අදහස් දක්වමින් HUTCH Sri Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) මංගල බණ්ඩාර මහතා පැවසුවේ මෙය රට පුරා වෙසෙන සිසු සිසුවියන්ට අධ්‍යාපනයේදී සමාන අවස්ථා හිමි කර දීම සඳහා HUTCH දරන නිරන්තර උත්සාහයේ තවත් ප්‍රතිඵලයක් බවයි.

“අපගේ අරමුණ මෙම සිසුන්ගේ පාසල් ගමන පහසු කිරීම පමණක් නොවෙයි. මෙය රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩාත් තිරසාර හා අන්තර්කරණය වූ අනාගතයක් උදාකර දීමට දරන උත්සාහයක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙබඳු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට හැකි වීම අපට මහත් සතුටක්. ඉදිරියටත් මෙරට දරුවන්ගේ අධ්‍යාපනයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීම සඳහා අප කැප වී කටයුතු කරනවා.” මංගල බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපනය, පාරිසරික තිරසාරත්වය සහ ප්‍රජාවන් නගාසිටුවීම ඉලක්ක කරගත් HUTCH සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර දැක්මට සමගාමී මෙහෙවරක් ලෙසද හැඳින්විය හැකි වේ. ඉදිරියටත් හුදෙක් ව්‍යාපාර කටයුතුවලට සීමා නොවී, මෙබඳු අර්ථවත් වැඩසටහන් ඔස්සේ රටට වඩාත් යහපත් අනාගතයක් උරුම කර දීම සඳහා HUTCH කැප වී සිටී.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව