
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.
සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය යනු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට ව්‍යාපාරික ආයෝජනයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම සඳහා ලැබෙන සහනදායී මූල්‍ය විසඳුමකි. මෙමගින් තිරසාර සංකල්පය ප්‍රවර්ධනය වන අතරම ව්‍යාපාරවල කාබන් පියසටහන (Carbon Footprint) අවම වේ. මේ ඔස්සේ රටේ තිරසාර බලශක්ති ඉලක්ක ළඟා කරගැනීමට දායක වන අතරම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල මූල්‍යමය ශක්‍යතාව සහ තරගකාරීත්වය ඉහළ නැංවීම සෙලාන් බැංකුවේ අරමුණ වී ඇත.
සිය බලශක්ති වියදම් සහ කාබන් විමෝචනය අවම කරගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපාරවලට මෙම සූර්ය බලශක්ති ණය පහසුකම භාවිතා කළ හැකි වේ. මෙමගින් කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට තම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීමට හැකි වනු ඇත. ඉහත සඳහන් ක්ෂේත්රවලට අයත් ව්‍යාපාරවලට මෙම සූර්ය බලශක්ති ණය ක්‍රමය යටතේ රු. මිලියන 100 ක් දක්වා නම්‍යශීලී ණය පහසුකම් ලබාගත හැකි වේ. ණය ලබාගන්නා සමාගම්වලට මුල් වසර 5 තුළ 11.0% ක ස්ථාවර වාර්ෂික පොලියක් සමගින් ඉතිරි වසර දෙක සඳහා අවම 9.0% ක මූලික වාර්ෂික පොලියක් සහිතව AWPLR+1.0% ක මාසික විචල්‍ය පොලී අනුපාතයක් තෝරාගත හැක. මෙම ණය පහසුකම ආපසු ගෙවීම සඳහා වසර 7 ක කාලයක් හිමි වීම මෙම ව්‍යාපාරවලට සුවිශාල සහනයක් වනු නිසැකය.
කෘෂිකාර්මික, නිෂ්පාදන, තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අපනයන (වෙළඳ ව්‍යාපාර ඇතුළුව) යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපාරවලට සෙලාන් බැංකුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාරක ප්‍රාග්ධන ණය පහසුකම ලබාගත හැකි වේ. මෙහි අවම ණය මුදල රු. මිලියන 25 ක් වන අතර උපරිම ණය මුදල රු. මිලියන 100 කි. ආපසු ගෙවීමේදී ප්‍රථම වසරේ වාර්ෂික පොලී අනුපාතය 9.5% ක් වන අතර, ඉතිරි වසර දෙක සඳහා AWPLR+1.0% ක මාසික විචල්‍ය පොලී අනුපාතයක් තෝරාගත හැක.
සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීම තුළින් එම ව්‍යාපාරවල දියුණුවට අත්වැලක් වීම සඳහා මෙම ණය ක්‍රමය යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබේ. කෙසේ නමුත්, සෙලාන් සූර්ය බලශක්ති ණය සහ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන්නේ, විශේෂයෙන් මධ්‍යම වෙළඳපොළ ව්‍යාපාරවලට (Mid-market Businesses) සිය කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවාගැනීමට සහය වීමය.
“සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස, ජනතාවටත් ව්‍යාපාරවලටත් දියුණුව සාක්ෂාත් කරගැනීමට උපකාරී වන සරල මූල්‍යමය විසඳුම් පිරිනැමීමට අප සෑම විටම උත්සාහ කරනවා. අප සෙලාන් සූර්ය බලශක්ති ණය සහ සෙලාන් කාරක ප්‍රාග්ධන ණය පහසුකම හඳුන්වා දුන්නේ, අපගේ සුපුරුදු මෙහෙවර යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අත්වැලක් වන අතරම, සමස්තයක් ලෙස රටේ ව්‍යාපාර ක්ෂේත්රයට හිතකර වන අයුරින් මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ පෙරළියක් සිදුකිරීමේ අරමුණිනුයි.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසීය.
ඉදිරියටත් මේ ආකාරයට ජනතාවටත් ව්‍යාපාරවලටත් පහසුවෙන් ලබාගත හැකි මූල්‍ය විසඳුම් පිරිනමමින් ඔවුන්ගේ දියුණුවට අත්වැලක් වීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ.