Unicorn Tyre Retreads ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Unicorn (LBN)

Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවට පත් වී ඇති Unicorn Tyre Retreads ලියාපදිංචි කාර්යාලය සහ කර්මාන්තශාලාව වටරැක, පානළුව ප්‍රදේශයේ පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල කර්මාන්තපුරයේ පිහිටා ඇත. එම සමාගම ටයර් ෆ්ලැප්, සාම්ප්‍රදායික සහ pre-cured යන ක්‍රම දෙකම භාවිතා කරමින් ටයර් නැවත පිරවීම, pre-cured ට්‍රෙඩ් ලයිනර්, බොන්ඩින් ගම්, රබර් සංයෝග ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සහ සේවා සපයයි.

කළාපයේ වඩාත් විශ්වාසනීය සහ තිරසාර ටයර් නැවත පිරවීමේ සහ ෆ්ලැප් නිෂ්පාදන සහකරු බවට පත් වීම Unicorn  Tyre Retreads සමාගමේ දැක්ම වන අතර එම වෙළෙඳපොළ නායකත්වය තහවුරු කරමින් පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාර සහකරුවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සැපයීම ඔවුන්ගේ අරමුණයි. කළමනාකරණ ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සහිත කාර්යය මණ්ඩලය, දේශීය සහ විදේශීය ගැනුම්රුවන් සමඟ ගොඩ නඟා ගත් ශක්තිමත් සම්බන්ධතා, අත්දැකීම් සහිත අලෙවිකරණ කණ්ඩායම, තරගකාරී මිල ක්‍රමය, නවීන තාක්ෂණය, සහ නවීන යන්ත්‍රෝපකරණ සමාගමේ දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට දායක වේ. Unicorn Tyre Retreads සමාගම අනුගමනය කරන නව්‍ය ක්‍රියාවලි ටයර් සැකිලිවල ආයු කාලය ඉහළ නංවන බැවින් ඒ සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. නිෂ්පාදන කටයුතුවලට භාවිතා කරන රබර් සංයෝගවල ඉහළ ගුණාත්මකභාවය වැඩි දුර ධාවනයක් සහ සුවපහසු අත්දැකීමක් සහතික කරයි. මෙම විශේෂාංග පාරිභෝගික තෘප්තිය ඉහළ නංවා ඇත. ‘විශිෂ්ට තත්ත්වයෙන් – අති විශිෂ්ඨ සේවයෙන් – අවම මිලට’ යන තේමාව මුල් කර ගෙන Unicorn Tyre Retreads කටයුතු කරයි. 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව