කොම්බෑන්ක් ඩිජිටල් වෙතින් අප්‍රේල් දක්වා මසකට ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගැනීමට අවස්ථාව

ComBank Digital Transact & Win promo (LBN)

ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත.

කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ කොම්බෑන්ක් ඩිජිටල් හරහා ගණුදෙනු හයක් හෝ ඊට වැඩි ගණනක් සිදු කරන ලද පරිශීලකයන්ගෙන් දිනුම් ඇදීමකදී තෝරා ගන්නා ලද එක් ගණුදෙනුකරුවෙකුට ය. මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට, එම ගණුදෙනු උපයෝගීතා බිල්පත් ගෙවීම් තුනකින් සහ අරමුදල් මාරු කිරීම් තුනකින් සමන්විත විය යුතුය. මෙම ප්‍රවර්ධන වැඩසටහන සිදු කරනුයේ ‘ලංකාපේ’ සමඟ එක්වයි.
 



 
කොම්බෑන්ක් ඩිජිටල් වේදිකාව මේ වන විටත් මසකට ගණුදෙනු මිලියන 5 කට අධික සංඛ්‍යාවක් කරන අතර ඊට වඩා වැඩි ගණුදෙනු ප්‍රමාණයක් සඳහා ධාරිතාව තිබෙන බව, කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතා පැවසුවේය. “අපගේ ගණුදෙනුකරුවන් සාම්ප්‍රදායික බැංකුකරණයේ සිට ඩිජිටල් බැංකුකරණයට පිවිසීමේදී, ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු කිරීමටත් අපගේ ගණුදෙනුකරුවන්ට වඩා හොඳ බැංකු අත්දැකීමක් ලැබෙන බව සහතික කරමින්, අපගේ ඩිජිටල් සේවාවන් වැඩිදියුණු කිරීමට මෙම වර්ධනය අපට උපකාර වනවා” යැයි ද ඒ මහතා තවදුරටත් අදහස් දැක්වීය.

කොම්බෑන්ක් ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනෙහි දෙසැම්බර් මාසයේ ජයග්‍රාහකයා ලෙස තායිලන්තයට ප්‍රවේශපත්‍ර දිනා ගත්තේ මල්ෂා දිල්මි මෙනෙවියයි.

කොම්බෑන්ක් ඩිජිටල් හි ලියාපදිංචි පරිශීලකයින් මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් සිටින අතර මාසයකට රුපියල් බිලියන 400කට වඩා වැඩි ගණුදෙනු සිදු කරනු ලබයි. සිල්ලර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ආයතනික ගණුදෙනුකරුවන්ට සේවය සපයන බහුලව භාවිතා වන ඩිජිටල් නාලිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදවුමක් සහ ජංගම යෙදවුම් තුනක් (iOS” Android සහ Huawei) හරහා පිරිනැමෙයි. ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වැනි සියලුම උපාංග හරහා බැංකු අවශ්‍යතා, ධන ආයෝජන, ගෙවීම් සහ ජීවන රටාව වැනි පහසුකම් වෙනුවෙන් ප්‍රවේශය විවර කර ඇත.

නව ගණුදෙනුකරුවන්ට පළමු වසරේ වාර්ෂික ගාස්තුව හෝ සම්බන්ධ වීමේ ගාස්තුවකින් තොරව කොම්බෑන්ක් ඩිජිටල් සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇත. බැංකුව පවසන ආකාරයට මේ හරහා අනාගතයේදී ගණුදෙනුකරුවන්ට නව විශේෂාංග, ප්‍රතිලාභ සහ ආකර්ෂණීය දීමනා රැසක් අපේක්ෂා කළ හැකිය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

  



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව