People’s Leasing & Finance PLC සමාගම TAGS Awards 2024 හි සමස්ත විශිෂ්ටත්වය උදෙසා නාමයෝජනා ලැබූ සමාගම් 10 අතරට එක්වෙයි

PLC Tag Awards (2) (LBN)

People’s Leasing & Finance PLC සමාගම පසුගියදා පැවති 59 වැනි TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2024) ‘මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් සහ වෙනත් මූල්‍ය ආයතන (සමූහයේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 75 ට වැඩි)’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ 2023/24 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම විසින් “Great Partnerships” යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද ඒකාබද්ධ වාර්ෂික වාර්තාව වෙනුවෙනි. මෙම සම්මානය, මෙරට ආයතනික වාර්තාකරණයේ පුරෝගාමියෙකු ලෙස People’s Leasing & Finance PLC සමාගම සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කළ ජයග්‍රහණයක් විය.

 



 
TAGS සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මගිනි. මෙම සම්මාන උළෙලේදී විනිවිදභාවය, වගවීම, ආයතනික යහපාලනය සහ තිරසාරත්වය (Transparency, Accountability, Governance, and Sustainability -TAGS) යන ගුණාංග කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් විවිධ ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල විශිෂ්ට මට්ටමේ මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තකරණයන් ඇගයීමට ලක්කෙරේ.

මෙම රිදී සම්මානයට අමතරව ඩිජිටල් පරිවර්තනීය වාර්තාකරණයේ විශිෂ්ටත්වය, ඒකාබද්ධ වාර්තාකරණය, තිරසාරත්ව වාර්තාකරණය සහ මූල්‍ය සේවාවන්හි ආයතනික පාලන අනාවරණය යන කාණ්ඩ යටතේ විශේෂ ඇගයුම් 4 ක්ද People’s Leasing & Finance PLC සමාගම වෙත හිමි විය. මීට පෙරද ARC Awards, CMA Excellence in Integrated Reporting Awards සහ SAFA Best Presented Annual Reports Awards වැනි දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී ඒකාබද්ධ ආයතනික වාර්තාකරණය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමට People’s Leasing & Finance PLC සමාගම සමත් විය.

ඉතාමත් නිර්මාණශීලී සහ ආකර්ෂණීය ලෙස පිළියෙල කරන ලද “Great Partnerships” වාර්ෂික වාර්තාව තුළදී ප්‍රධාන වශයෙන් People’s Leasing & Finance PLC සමාගමේ කාර්යසාධනය සහ සමාගම විසින් ගොඩනංවාගෙන ඇති ශක්තිමත් හවුල්කාරීත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමුකෙරේ. එහිදී සමාගමේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර තිබේ. එමෙන්ම මෙම වාර්ෂිකව වාර්තාව, වාහනයක විවිධ කොටස් එක් වී ක්‍රියාකාරී වාහනයක් බිහි වන ආකාරයට සමාගමක විවිධ අංශ එහි සමස්ත වටිනාකමට දායක වන ආකාරය ආකර්ෂණීය ලෙස පැහැදිලි කරයි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් People’s Leasing & Finance PLC සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ අදහස් දැක්වී ය. “TAGS Awards හිදී මෙලෙස ඇගයීමට ලක්වීම, අපගේ කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයන්ට මෙන්ම ආයතනික වාර්තාකරණයේදී විනිවිදභාවය හා විශිෂ්ටත්වය පවත්වා ගැනීම සඳහා අප දක්වන කැපවීමට ලැබුණු උපහාරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. අපගේ මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ ඊටත් ඉහළ මට්ටමින් පවත්වා ගනිමින් නිරන්තරයෙන් විශිෂ්ටත්වය කරා යාමට මෙබඳු ඇගයීම් අප දිරිගන්වනවා.”

TAGS මූලධර්ම අනුගමනය කරන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කරන අතරම ආයතනික පාලනය හා තිරසාරත්වය සම්බන්ධයෙන් නව ආදර්ශයන් සනිටුහන් කිරීම TAGS සම්මාන උළෙලේ අරමුණ වී තිබේ. ඉතාමත් දැඩි සමීක්ෂණ ක්‍රියාවලියකින් අනතුරුව, ආයතනික වාර්තාකරණය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් අනුගමනය කරන සමාගම් හා ආයතන පමණක් TAGS සම්මාන සඳහා සුදුසුකම් ලබයි. තිරසාරත්වය හා වගවීම මෙන්ම ශක්තිමත් ආයතනික පාලන ක්‍රමවේදයන් ප්‍රදර්ශනය කරමින් සමබර ප්‍රවේශයක් අනුගමනය කරන සමාගම් හා ආයතන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව