කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් 60 දෙනෙකු සඳහා මෙම මාසයේදී රුපියල් මිලියන 3ක ‘බිල්පත් පියවීම්’

Bill wipeouts - Dec 2024

කොමර්ෂල් බැංකුව විසින් මෙවර සාප්පු සවාරි සමය වෙනුවෙන් කදිම අවස්ථාවක් උදා කරමින් සිය ගණුදෙණුකරුවන්ගේ දෙසැම්බර් මාසයේ කාඩ්පත් වියදම් වලින් රුපියල් මිලියන 3ක බිල්පත් පියවීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත.

කොමර්ෂල් බැංකුවේ ඕනෑම පෞද්ගලික ක්‍රෙඩිඩ් කාඩ්පත් හිමිකරුවෙක් විසින් දෙසැම්බර් මාසය තුළ රුපියල් 75,000 ක අවමයක් වියදම් කිරීම මඟින් දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර රුපියල් 50,000 ක බිල්පත් පියවීමේ වාසි වාසනාවන්ත කාඩ්පත් හිමියන් 60 දෙනෙකුට දිනා ගත හැකි වන බව බැංකුව පවසයි.



මෙම විස්මිත අවස්ථාව සඳහා සුදුසුකම් ලබන්නේ දෙසැම්බර් මාසය තුළ ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් කරනු ලබන මිලදී ගැනීම්, මාර්ගගත ගෙවීම් සහ Q+ ගෙවීම් යෙදවුම ඔස්සේ කරනු ලබන ගෙවීම්ය.

“සාප්පු සවාරි සමය ළඟා වන විට කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට විශාල ලෙස ප්‍රතිලාභ ලබා දීම අපගේ අරමුණ,” යැයි කොමර්ෂල් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් එම මහතා ප්‍රකාශ කර සිටියේ බැංකුවෙහි ප්‍රවර්ධන කටයුතු මඟින් පාරිභෝගිකයන් සාප්පු සවාරි සහ අලු‍ත් අවුරුදු සැමරුම් සැලසුම් කරනවිට ඔවුන්ගේ වියදම් කළමනාකරණය සමඟ මුදලක් වියදම් කිරීමේදී විශාල ජයග්‍රහණයන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ක්‍රෙඩිට් කාඩ්පත වන්නේ කොමර්ෂල් බැංකු කාඩ්පත වන අතර ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් විකුණුම් ක්ෂේත්‍රය තුළ වෙළඳපොළ නායකත්වය අත්පත් කර ගෙන සිටී. බැංකුව විසින් රිදී, රන් සහ ප්ලැටිනම් ලෙස වීසා ක්‍රෙඩිට් කාඩ්පත්, මාස්ටර් කාඩ් සහ යූනියන් පේ; JCB සන්නාමයේ  ලංකා පේ ප්ලැටිනම්, රන්, Classic සහ Visa Signature ක්‍රෙඩිට් කාඩ්පත්, World මාස්ටර් කාඩ්, Visa Infinite හා වාරික වශයෙන් යූනියන් පේ Asia Prestige Platinum සහ යූනියන් පේ Asia Prestige Diamond cards පිරිනමා ඇත. මෙම කාඩ්පත්  ‘Tap ’n Go’ NFC තාක්ෂණයෙන් සහ NFC පොයින්ට්-ඔෆ්-සේල් (POS)  ජාලය මඟින් ක්‍රියාත්මක වෙයි.

කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට විවිධ සේවාවන් ආවරණය කරමින් අවුරුද්ද පුරා දීමනාවන් ලබා දෙයි. ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් දෙපාර්ශවය සඳහා Max Loyalty Rewards Points යෝජනා ක්‍රමය යටතේ ලෝයල්ටි ත්‍යාග පිරිනැමූ ප්‍රථම බැංකුව කොමර්ෂල් බැංකුවයි. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පමණක් හිමි වූ දීමනාවන් ඩෙබිට් කාඩ් සඳහා ද ලබා දීමට පුරෝගාමී වූයේ ද කොමර්ෂල් බැංකුවයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව