SLT-MOBITEL සහ BaseKit Platform UK එක් වී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ‘CubKit’ වෙබ් අඩවි නිර්මාණ විසඳුම් හඳුන්වා දෙයි

Basekit - Image

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් වෙබ් අඩවි නිර්මාණ විසඳුමක් හඳුන්වා දීම සඳහා එක්සත් රාජධානියේ වෙබ් සංවර්ධන මෙවලම් සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගමක්වන BaseKit Platform Limited සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය.
 



 
මෙරට කුඩා පරිමාණ ව්‍යාපාරවලට ගැළපෙන නවීන සේවා හඳුන්වා දෙමින් එම ව්‍යාපාර ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වීම මෙම උත්සාහයේ මූලික අරමුණ වේ. මෙම විසඳුම් භාවිතා කරමින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තමන්ට අවශ්‍ය පරිදි වෙබ් අඩවි නිර්මාණය කරගත හැකි වනු ඇත. මෙමගින් එම ව්‍යාපාරවලට වෙබ් නිර්මාණ සහ විද්‍යුත් වාණිජ විසඳුම් සහන මිලකට ලබාගැනීමට හැකිවන අතර, එය මෙරට ඩිජිටල් පරිවර්තනය සහ විද්‍යුත් වාණිජ සේවා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මහෝපකාරී වනු නො-අනුමාන ය.

CubKit නම් මෙම විසඳුම හඳුන්වා දීම සඳහා SLT-MOBITEL හි ‘MSME Product Development’ කණ්ඩායම විසින් BaseKit Platform Limited සමග අවබෝධතා ගිවිසුමක් අත්සන්කරන ලදි. ඒ අනුව දැන් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට SLT-MOBITEL සමගින් ඉතාමත් පහසුවෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෙවලම් කට්ටලයක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

පසුගියදා SLT-MOBITEL ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල කාමරයේ පැවැත්වුණු රැස්වීමකදී BaseKit Platform Limited හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ සයිමන් බෙස්ට් මහතා සහ SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. සයිමන් බෙස්ට් මහතා සහ BaseKit Platform Limited හි ව්‍යාපාර සංවර්ධන නිලධාරී කාල් කිල් මහතා මෙම අවස්ථාවට මාර්ගත ක්‍රමයට  සම්බන්ධ විය.

මීට අමතරව SLT නියෝජනය කරමින් SLT-MOBITEL සමූහයේ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක, සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නිෂ්පාදන) සෙල්වෙන්දිරන් විද්‍යාපන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නිෂ්පාදන සංවර්ධන සහ කළමනාකරණ) රවීන් තරින්ද, අලෙවි කළමනාකරු (ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන සංවර්ධන) චමිල ධර්මසේන සහ ඉංජිනේරු (ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන සංවර්ධන) මධුක බණ්ඩාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

මීට පෙර BaseKit web builder ලෙස හැඳින්වුණු CubKit Web Builder විසඳුම hostingcub.com ඔස්සේ ලබාගත හැක. මෙය පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් තිබීම, Booking engines සමග පහසුවෙන් සම්බන්ධ කළ හැකි වීම, තමන් කැමති දේශීය ගෙවීම් ද්වාර සම්බන්ධ කළ හැකි වීම, SEO optimization මෙවලමක් තිබීම සහ අසීමිත bandwidth අගයක් සමග අසීමිත hosting space සහිත වීම වැනි වාසි රැසක් සහිත විසඳුමකි.

තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඉහළ දැනුමක් නොමැති අයෙකුට වුවද ‘CubKit’ භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරගත හැකි වේ. මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර කටයුතු සඳහා වඩාත් පහසුවෙන් අන්තර්ජාලය උපයෝගී කරගැනීමට අවස්ථාව ලැබෙන අතර, එය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ දියුණුවට අතිශයින් වැදගත් වනු ඇත.

මීට පෙර ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් විශ්වාසයක් නොතිබුණු ව්‍යාපාර හිමියන්ට වුවද දැන් SLT-MOBITEL වැනි විශ්වාසනීය සන්නාමයක් සමග එක් වී තම ව්‍යාපාරය අන්තර්ජාලය තුළ ස්ථානගත කිරීමට අවස්ථාව හිමි වේ. මෙය ඔවුන්ට තම සන්නාමය හා මෙහෙයුම් සම්බන්ධ පූර්ණ පාලනය පවත්වා ගන්නා අතරම නව ආදායම් මාර්ග රාශියක් විවෘත කරගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු නො-අනුමාන ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව