කොමර්ෂල් බැංකුව විසින් ‘රන් කෙතේ වප් මඟුල’ තිස්සමහාරාමයේදී පවත්වයි

Ran Kethe Wap Magula 2024 (LBN)

මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය නගාසිටුවීම හා දේශීය ගොවි ප්‍රජාව වෙත කෘතගුණ දැක්වීමක් වශයෙන් කොමර්ෂල් බැංකුව මහ කන්නයේ වගා කටයුතුවල ආරම්භය සටහන් කරමින් ‘රන් කෙතේ වප් මඟුල’ සාම්ප්‍රදායික සංස්කෘතික උත්සවය තිස්සමහාරාමයේ දී පවත්වන ලදී.

සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මුල් කරගනිමින් තිස්සමහාරාම රජ මහා විහාරයට යාබද කුඹුරුයායේ පවත්වන ලද මෙම උත්සවය කෘෂිකාර්මික ප්‍රජාව ඇගයීම වෙනුවෙන් හා අනාගතය වෙනුවෙන් සංස්කෘතික සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සඳහා බැංකුවේ කැපවීම විදහා දක්වයි.
 



 
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් උත්සවය අමතමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා බැංකු දක්වන දායකත්වය පිළිබඳව සඳහන් කල අතර සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් නව්‍යතාවයන් වැළඳ ගැනීමේ වැදගත්කම ස්ථාපිත කිරීම මෙන්ම තරුණ පරපුර අතරට සම්ප්‍රදායන් පිළිබඳ දැනුම ගෙනයාම කොමර්ෂල් බැංකුවේ අභිප්‍රාය බව පෙන්වා දුන්නේය.

මෙහිදී ‘දිරිශක්ති ග්‍රාමීය සංවර්ධන වැඩසටහන’හි සමාරම්භය සිදුවූ අතර මේ හරහා ප්‍රජාවට අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී සහය ලබා දීම, මූල්‍ය සාක්ෂරතාවය සහ කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම, Commercial Bank LEAP/Global Linker හරහා ඔවුන්ගේ ඩිජිටල් සේවා භාවිතය වැඩි දියුණු කිරීම සහ වෙළඳ වැඩසටහන් සහ වෙළඳ ප්‍රදර්ශන හරහා අලෙවිකරණ අවස්ථා සොයා ගැනීමට කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදීමට නියමිතය. එය සංකේතවත් කරමින් වීරවිල, තිස්සපුර තල් ආශ්‍රිත නිෂ්පාදන සමුපකාර සමිතියේ සාමාජිකයින් අතර තල් පැළ බෙදා හැරීම ද සිදු කරන ලදී. බැංකුව විසින් ඉදිරියේදී සංවිධානය කරනු ලබන වෙළඳ වැඩසටහන් සහ ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට මෙම සංගමයේ සාමාජිකයින්ට අවස්ථාව හිමි වනු ඇත.

මෙම අවස්ථාව සඳහා තිස්සමහාරාම සඳගිරි උභය මහා විහාරාධිපති ආචාර්‍ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමි, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ප්‍රමුඛ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්, හේලිස් සෝලා හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා ඇතුළු එම සමාගමේ නියෝජිතයින්, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්‍ය කේ.ඒ ලලිතධීර මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් ද කුඹුරු යායේ වත්මන් වගාකරු ඇතුළු 150කට අධික ගොවි මහතුන් කණ්ඩායමක් ද සහභාගී විය.

වප් මඟුල් උත්සවය සඳහා සම්භාවනීය අමුත්තන් කණ්ඩායමක් ගොවීන් සමඟ සම්බන්ධ වූ අතර නවීනතම ට්‍රැක්ටර් යොදා ගනිමින් සීසෑම ආරම්භ කිරීම සඳහා ට්‍රැක්ටර් ක්‍රියාකරුවන් වෙත යතුරු භාරදීම ද සිදු කරනු ලැබීය. එසේම ගෙවිලියන් විසින් පිළියෙල කළ ඇඹුල අනුභව කිරීම, ඩ්‍රෝන තාක්ෂණයෙන් කෘෂි රසායන ඉසීමේ ප්‍රදර්ශනයක් හා මහා සංඝරත්නයට පිරිකර ප්‍රදානය කිරීමත් මෙහිදී සිදුවිය.

මෙම උත්සවයෙන් අනතුරුව අම්බලන්තොට සහල් පර්යේෂණ ආයතනය, ඩීමෝ ඇග්‍රි, ඇග්ස්ටාර්, හේලිස් සෝලා සහ කෙනිල්වර්ත් ඉන්ටර්නැෂනල් යන සමාගම් හි නියෝජිතයින් විසින් නවීන කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව ගොවීන් දැනුවත් කිරීම සිදුකල අතර, නව්‍ය කෘෂි තාක්ෂණය භාවිතා කිරීමෙන් ලඟා කර ගත හැකි, කාලය/ශ්‍රමය ඉතිරි කර ගැනීම, යෙදවුම්වල කාර්යයක්ෂමතාවයන් ඉහළ යාම වැනි ප්‍රතිලාභ පිළිබඳ අවබෝධයක් ලබා දීම සිදු කෙරිනි.

කොමර්ෂල් බැංකුව විසින් ග්‍රාමීය ප්‍රජාව අතර බැංකු සේවා ප්‍රචලිත කිරීම උදෙසා ගිය වසරේදී ද ‘රන් අස්වනු මංගල්‍යය’ නමින් යල කන්නයේ අස්වනු සැමරුම් උළෙලක් ද මින්නේරිය ප්‍රදේශයේ පවත්වා ඇත.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව