SLT-MOBITEL හි අධ්‍යාපන අංශයවන SLT-MOBITEL Nebula Institute of Technology පසුගියදා IET on Campus Chapter ආරම්භ කළ 10 වැනි අධ්‍යාපන ආයතනය බවට පත්විය. මෙය ජාත්‍යන්තර වෘත්තීය ආයතනයක්වන Institute of Engineering Technology (IET) සමග ඇතිකරගත් සුවිශේෂී හවුල්කාරීත්වයක ප්රතිඵලයකි.
මෙම හවුල්කාරීත්වය හේතුවෙන්, ඉංජිනේරු හා තාක්ෂණ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ පාඨමාලා කාලය පුරාම ගෝලීය මට්ටමින් සහයෝගය ලබාදීමට SLT-MOBITEL Nebula Institute of Technology ආයතනයට හැකියාව ලැබේ. එමෙන්ම මෙය IET සමග අත්වැල් බැඳගෙන සිටින සුවිශේෂී ප්‍රජාවක සාමාජිකයන් බවට පත්වීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා සේවායෝජකයන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.
මෙම හවුල්කාරීත්වයේ සමාරම්භය වෙනුවෙන් පැවති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස, IET Sri Lanka Network (SLN) හි ලේකම් මහාචාර්ය අනුරාධ ජයකොඩි මහතා සහභාගී විය. එමෙන්ම IET SLN උප සභාපති නලීන් ජයසූරිය, SLT-MOBITEL Nebula Institute of Technology හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය ආසිරි ඉන්දික, IET SLN Young Professionals Network හි සභාපති නිමන්ත මධුශාන් සහ Young Women Engineer (YWE) 2021 ජයග්‍රාහිකාව වූ ප්රමොද්යා සේනානායක යන මහත්ම මහත්මීන්ද, Nebula සහ IET ආයතන නියෝජනය කරන තවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
IET on Campus සාමාජිකයන් බවට පත්වීම මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ වෘත්තීය ජීවිතයට වැදගත්වන සම්පත් හා ප්රතිලාභ රාශියක් හිමි වේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීය ලියාපදිංචියක් සමගින් පුහුණු හා සංවර්ධන අවස්ථා හිමි වීම, ලොව පුරා ඉංජිනේරුවන් හා තාක්ෂණ විශේෂඥයන් සමග එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබීම, නවීනතම පර්යේෂණ ප්‍රතිඵල හා දත්ත භාවිතා කිරීමට හැකි වීම සහ උත්සව, පාඨමාලා හා පොත්පත් ආදිය සඳහා විශේෂ වට්ටම් හිමි වීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. Nebula ආයතනය තුළ IET Chapter පිහිටුවීම යනු, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශිෂ්ටතම අධ්‍යාපන අත්දැකීමක් ලබාදෙමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතය වඩාත් යහපත් කිරීම සඳහා Nebula ආයතනය විසින් ගන්නා ලද සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
Institution of Electrical Engineers (IEE) සහ the Institution of Incorporated Engineers (IIE) යන ආයතන ඒකාබද්ධ කරමින් 2006 වසරේදී IET ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන වගකීම් වන්නේ ඉංජිනේරු ක්ෂේත්රයේ දැනුම වැඩිදියුණු කිරීම හා බෙදාගැනීම, ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්රයන්හි උසස් ප්රමිතීන් ආරක්ෂා කරගැනීම සහ අධ්‍යාපන වැඩසටහන් හා වෘත්තීය සුදුසුකම් වෙනුවෙන් සහතිකකකරණයන් පිරිනැමීම යනාදියයි.
මීට අමතරව IET ආයතනය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මෙන්ම දැනුම හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සැලසීමද සිදුකරයි. වෘත්තීය සංවර්ධන අවස්ථා පිරිනමමින්, තාක්ෂණයේ දියුණුවට සමගාමීව තම දැනුම හා කුසලතා යාවත්කාලීන කරගැනීමට තම සාමාජික සාමාජිකාවන්ට අවස්ථාව සලසා දීම එමගින් ඉටුවන තවත් ප්‍රධානතම මෙහෙවරකි. ලොව පුරා විසිරී සිටින ඉංජිනේරුවන්ට හා තාක්ෂණ විශේෂඥයන්ට එකිනෙකා සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන IET ආයතනය, ගෝලීය ඉංජිනේරු ප්‍රජාවක් නිර්මාණය කරමින්, ඉංජිනේරු අභියෝග දෙස ගෝලීය දෘෂ්ටිකෝණයකින් බැලීම සඳහා අත්වැලක් සපයයි. තවද එය විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත (STEM) අධ්‍යාපනය ප්‍රවර්ධනයකරන අතර, අනාගත පරපුර ඉංජිනේරු වෘත්තිය වෙත ආකර්ෂණය කරගැනීම අරමුණින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සඳහාද සහයෝගය ලබාදෙයි.
රටවල් 150 ක ක්‍රියාත්මකවන ජාත්‍යන්තර වෘත්තීය ආයතනයක්වන IET හි සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව 168,000 ඉක්මවා ඇත. ඉංජිනේරු ක්ෂේත්රය තුළ නවෝත්පාදනය හා විශිෂ්ටත්වය ප්‍රවර්ධනයකරන IET ආයතනය, සිය සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය අභිවෘද්ධිය උදෙසා සුවිශේෂී මෙහවරක් ඉටුකරමින් සිටී.