සෙලින්කෝ ලයිෆ් තවත් සංචාර සහ විනෝදජනක ප්‍රතිලාභ සමගින් ‘ෆැමිලි සවාරි 18’ එළිදක්වයි

Iamge 2 (LBN)

දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඔප්පුහිමියන්ට නව විදේශ සංචාර සහ විනෝදජනක අත්දැකීම් ලබා දෙන ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්‍රවර්ධනයේ 18 වන සංස්කරණය එළිදක්වා ඇත.

2025 වසරේදී සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමි පවුල් 5කට චීනයටත්, පවුල් 10 කට මැලේසියාවටත් සියලු වියදම් සහිත විදේශ සංචාරයන් ලබා දීමටත් පුද්ගලයින් 1000කින් සමන්විත රක්ෂණ ඔප්පුහිමි පවුල් 250කට බණ්ඩාරගම පර්ල් බේ ජල උද්‍යානයේදී අසමසම අත්දැකීමක් ලබාදීමට නියමිත බවත් සමාගම නිවේදනය කර ඇත.
 



 

“සෑම විටම, ෆැමිලි සවාරි ප්‍රවර්ධනයේ අවධානය යොමු වන්නේ තම පවුලේ සාමාජිකයන් සමඟ ජීවිත කාලය පුරාවටම මතකයන් නිර්මාණය කිරීමට රක්ෂණ ඔප්පු හිමියන්ට අවස්ථාවන් ලබා දීමයි,” යැයි සෙලින්කෝ ලයිෆ්හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. “වසර ගණනාවක් පුරාවට අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට ලොව වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්ත කිහිපයක අත්දැකීම ලබාගැනීමට හැකියාව ලැබී ඇති අතර 2025 දීත් එය විශේෂයක් වනු ඇත.”

‘ෆැමිලි සවාරි 18’ තුළින් නවතම විදේශ සංචාර සහ විනෝද චාරිකා අත්දැකීම විඳගැනීමට පුද්ගලයින් 1,060 ගෙන් සමන්විත රක්ෂණ ඔප්පුහිමි පවුල් 265 ක් තෝරාගැනීම 2025 වසරේ ජනවාරි මස පැවැත්වෙන මහා දිනුම් ඇදීමකදී සිදු කරනු ඇත. මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන මේ වන විට 36,000 කට අධික පිරිසක් සඳහා මේ ආකාරයෙන්ම ප්‍රතිලාභ ලබා දී තිබේ.

2024 වසරේ සැප්තැම්බර් 1 සිට දෙසැම්බර් මස 31 දක්වා ප්‍රවර්ධන කාල සීමාව තුළදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් සමාගම සමඟ පවතින ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන යාම හෝ ඔවුන්ගේ විශ්‍රාම සැලසුම්වල නිශ්චිත අවම ගිණුම් ශේෂයක් පවත්වා ගැනීම තුළින් ෆැමිලි සවාරි දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. ප්‍රවර්ධන කාල සීමාව තුළ ජීවිත රක්ෂණ ඔප්පු මිලදී ගන්නා නව ඔප්පුහිමියන් දිනුම් ඇදීමට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් මාසික වාරික තුනක් ගෙවිය යුතු වේ.

‘Ceylife’ ඩිජිටල් යෙදවුම බාගත කර ඇති රක්ෂණ ඔප්පුහිමියන් ට අමතර ජයග්‍රහණ අවස්ථා ලබා දීම සහ ඔවුන් සෙලින්කෝ ලයිෆ් හි ඔප්පුහිමියන් වී සිටි කාලයට අනුරූපව තවත් දිනුම් අවස්ථා ලබා දෙන බවද සමාගම පවසයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ට්‍රේලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය, ප්‍රංශය සහ තුර්කිය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රිය බිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරයි.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව