SLT-MOBITEL، 2023 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසර සම්මාන දිනයි

Image 01 (LBN)

2023 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මානයෙන් (Best Corporate Citizen Sustainability Award 2023) පිදුම් ලැබීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (Sri Lanka Telecom PLC – SLT), පසුගියදා සමත් විය. සම්මාන උළෙලේ ‘විවිධ’ කාණ්ඩය යටතේ සමාගම් හා ආයතන 33 ක් අතරින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට  SLT සමාගමට හැකියාව ලැබිණි.

 



 

මෙරට විවිධ ක්ෂේත්‍රවලට අයත්, තිරසාරත්වය වෙනුවෙන් කැප වී සිටින සමාගම් හා ආයතන ඇගයීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් වන ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙහිදී පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන මූලධර්ම සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූ සමාගම් හා ආයතන ඇගයීමට ලක් විය.

තිරසරත්වය යනු SLT-MOBITEL හි ආයතනික ක්‍රමෝපායෙහි අනිවාර්ය අංගයකි. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය උදෙසා පෙරමුණ ගනිමින් තම ව්‍යාපාරික කටයුතු මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා SLT-MOBITEL කැප වී සිටින අතර, මෙම සම්මානය එම කැපවීම සඳහා ලැබුණු ඇගයුමක් ලෙස හැඳින්විය හැකි වේ. එමෙන්ම එය ආචාරධාර්මික ආයතනික පාලන මූලධර්ම ආරක්ෂා කරමින්, ප්‍රජාවන් නගාසිටුවමින්, නව්‍ය නිෂ්පාදන හා සේවාවන් හරහා ආර්ථිකයේ දියුණුව බලගන්වන අතරම වගකීම්සහගත ව්‍යාපාරකරණය ඔස්සේ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට සාක්ෂි දරයි.

පාරිසරික භාරකාරත්වය, පාරිභෝගික හා ප්‍රජා සම්බන්ධතා, ආයතනික යහපාලනය, මූල්‍ය ක්‍රියාකාරීත්වය, ආර්ථික දායකත්වය සහ විශේෂ තිරසාර සංවර්ධන ව්‍යාපෘති යන ප්‍රධාන අංශ සැලකිල්ලට ගනිමින් විනිශ්චය මණ්ඩලය විසින් අයදුම්කරුවන් ඇගයීමට ලක්කරන ලදි. ඉන් අනතුරුව කෙටිලැයිස්තුගත වූ සමාගම් හා ආයතනවලට විනිශ්චය මණ්ඩලය විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු විය. මෙම විනිශ්චය මණ්ඩලයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ඇතුළුව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර නියෝජිතයෝ පිරිසක් ඇතුළත් වූහ.

SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක, ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය චන්දන විජයනාම සහ සාමාන්‍යාධිකාරී (අලෙවි සේවා) අනුරුද්ධ සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් SLT-MOBITEL නියෝජනය කරමින් සම්මාන උළෙලට සහභාගී වූහ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, දිගින් දිගටම තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින්, වඩාත් සෞභාග්‍යමත් හා පරිසර හිතකාමී දේශයක් නිර්මාණය කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව