බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට අවශ්‍ය කඩදාසි ලබාදීමට ProMate පෙරමුණ ගනී

Image 01 - Pradeep Perera (LBN)

ප‍්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ProMate Sri Lanka විශේෂ අවශ්‍යතා සහිත බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට උපකාරයක් වීමේ අපේක්ෂාවෙන් Ogilvy Sri Lanka හා Volunteer Sri Lanka ආයතන හා සමග එක්ව දැවැන්ත පොත් එකතු කිරීමේ වැඩසටහනකට පසුගියදා පුරෝගාමී විය. ProMate ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට හා පැරණිතම පුරෝගාමි ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වන රත්න ප‍්‍රකාශකයන්ගේ නිෂ්පාදනයකි.

 



 

ශීඝ‍්‍ර උද්ධමනය හමුවේ පාසල්වල බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා අවශ්‍ය කඩදාසි සපයා ගැනීම විශාල ගැටළුවක් වී ඇත. බ්‍රේල් අධ්‍යාපනය හදාරන  සිසුන් ලිවීමට ගන්නා බ්‍රේල් කඩදාසි මිල අධික වන අතරම ප‍්‍රමාණවත් තරම් සැපයුමක්ද දක්නට නොලැබේ.

එයට විසදුමක් ලෙසින් ලියා අවසන් කරන ලද CR පොත් භාවිතා කළ හැකි අතර එසේ ලියා අවසන් කරන ලද පොත් සපයා ගැනීමද අපහසු මට්ටමක පවතී. මන්ද විශාල  A4 කොළ ප්‍රමාණයක් ඒ සඳහා දෛනිකව වැය වන බැවිනි. මෙම ගැටලුවට විසදුමක් වශයෙන්  ProMate ලියා අවසන් කරන ලද පොත් upcycle කරමින් බ්‍රේල් අධ්‍යාපනය හදාරන  සිසුන්ට  එම පොත් ලබා දෙන්නට පියවර ගනු ලබන්නේ, ලියා අවසන් වූ පොතකට නව ජීවයක් එක් කරමින්, දැයේ සියලුම දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීමේ අරමුණෙනි.

මෙම පොත් සමාජ යහපත උදෙසා upcycle කර භාවිතා කිරීමෙන් හිතකර පාරිසරික මෙන්ම  ආර්ථික ප්‍රතිලාභ විශාල වශයෙන් ලබා ගැනීමට හැකිවෙයි.

බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් පෙරමුණ ගන්නා ProMate සිය පුළුල් ශාඛා ජාලය ඔස්සේ පොදු මහජනතාවගෙන් ලියා අවසන් කරන ලද පොත් එකතු කර ගනිමින්, පොත් හා කඩදාසි වඩාත් අවශ්‍ය පාසැල් වලට බෙදා හැරීමට තම ජාලය බෙදා  හැරීමේ ජාලය බවට පත් කරන ලදී.

මෙම අරමුණ පෙරදැරිව වැඩසටහනේම තවත් කොටසක් ලෙස භාවිතා කරන ලද CR පොත් upcycle කරමින් නැවත භාවිතා කල හැකි ආකාරය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා Ogilvy Sri Lanka ආයතනයේ සහයෝගයද, දිවයින පුරා සිටින තම සාමාජිකයන් හා එක්ව පොත් එකතු කිරීමේ ජාලය තව තවත් පුළුල් කරමින් සියලුම පලාත් ආවරණය කිරීමට  Volunteer Sri Lanka ලාභ නොලබන ස්වෙච්චා සංවිධානයද ProMate සමග අත්වැල් බැඳගත්තේය.

අධ්‍යාපනය නගා සිටුවීමට දායක වීම සමාජය සවිබල ගැන්වීමේ විශාලතම බලය ලෙස ProMate දකියි. මෙම වැඩසටහන ඔස්සේ බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන් හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසැල් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට හැකි විය.

එය දරුවන්ගේ ජීවිත ධනාත්මක ලෙස පරිවර්තනය කිරීමට උපකාරී වන අතර ProMate සිදු කරන ලද මෙම මුලපිරීම හරහා දරුවන්ට සීමා නොතකා ඉගෙන ගැනීමට ඇති අවකාශය වඩාත් පුළුල් කිරීම අපේක්ෂා කරයි. මෙම වැඩපිළිවෙල හරහා රට පුරා විසිරී සිටින ශ‍්‍රී ලාංකීක ප‍්‍රජාවට බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටිවීමට තමන්ගේ සහය ලබාදීමේ හැකියාව වඩාත් පුළුල් විය.

එමෙන්ම මෙම වැඩසටහන මගින් ව්‍යාපාරික ප‍්‍රජාව, සිවිල් සංවිධාන හා ජනතාවගේ එක්වීමෙන් විශේෂ අවශ්‍යතා සහිත සමාජ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ව ශක්තිමත් කරන්නට හා නඟා සිටිවීමට ඇති හැකියාවද මැනවින් පිළිඹිබු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව