SLT-MOBITEL පෞද්ගලික සහකාර සේවා පෙරළියකට ලක්කිරීම සඳහා Duthaya සමග අත්වැල් බැඳගනී

Image 01 (LBN)

Duthaya යනු පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතු සරල හා පහසු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පුරෝගාමී පෞද්ගලික සහකාර සේවා යෙදුමකි.  Duthaya App මගින් මේ වනවිට පාරිභෝගිකයන්ට සේවා රාශියක් ලබාදෙනු ලැබේ.

වැදගත් ලිපිලේඛන ගෙනගොස් භාරදීම ඇතුළු භාණ්ඩ යැවීම වැනි, එදිනෙදා ජීවිතයේ වැදගත් හා හදිසි කටයුතු ඉටුකරගැනීමට අවශ්‍යවන පුද්ගලයන්ට ඒ සඳහා සහය වීම Duthaya සේවාවෙහි මූලික අරමුණයි. එම සේවා ලබාගැනීමට බලාපොරොත්තුවන පාරිභෝගිකයන්ට, මාර්ගගත හා ජංගම පදනමක් ඔස්සේ අදාළ සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය වර්තමානයේ පවතින අධිවේගී හා කාර්යබහුල ජීවන රටාවන් හමුවේ බොහෝ දෙනෙකුගේ වටිනා කාලය ඉතිරිකර දෙන සේවාවකි.

 



 

Duthaya මගින් බැංකු සේවා, රජයේ ලිපිලේඛන කටයුතු, ව්‍යාපාරික අවශ්‍යතා, ඩිලිවරි සේවා සහ භාණ්ඩ මිලදී ගැනීම ආදිය සඳහා පාරිභෝගිකයන්ට සහය වීමට ‘දූතයන්’ හෙවත් පෞද්ගලික සහකරුවන් අනියුක්ත කරනු ලබයි. පාරිභෝගිකයන් තම අවශ්‍යතාව කුමක්ද යන්න Duthaya app හරහා දැනුම් දුන් විට, ඒ සම්බන්ධයෙන් පුහුණුව ලත් සහකරුවෙකු අදාළ කටයුත්ත සඳහා යොදවනු ලැබේ. වැඩි පහසුවක් සමගින් සහනදායී මිලගණන් යටතේ සේවා ලබාදීම මෙන්ම, වෙනත් ඩිලිවරි ක්‍රම මගින් ලබාගත නොහැකි ආකාරයේ ලිපිලේඛන සේවා ආදිය ලබාගත හැකි වීම ආදිය Duthaya සේවාවේ විශේෂත්වයයි.

මෙය කාර්යබහුල පුද්ගලයන්ට සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්ම, විදේශයන්හි සිටින පුද්ගලයන්ටද අතිශයින් වැදගත් වේ. විශේෂයෙන්ම මෙම සේවා සහනදායී ගාස්තු යටතේ ලබාගත හැකි වීම පාරිභෝගිකන්ට ඉමහත් සහනයක් වනු ඇත.

මෙය භාවිතා කිරීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ, Duthaya යෙදුම බාගත කරගැනීම පමණි.  මෙය SLT-MOBITEL හි තවත් වැදගත් ඩිජිටල් වැඩසටහනකි. ජනතාවට ඉතාමත් පහසුවෙන් නවීන ඩිජිටල් සේවා භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම තුළින් ඔවුන්ගේ එදිනෙදා ජීවිත වඩාත් සරල හා පහසු කිරීම, SLT-MOBITEL හි සහ Duthaya සේවාවෙහි පොදු අරමුණ වේ. මෙය දෙපාර්ශ්වය එක්වී ශ්‍රී ලංකාව ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වීම සඳහා තබන වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැක.

“Duthaya සේවාවේ ඉලක්කය වන්නේ, සේවා ලබාගැනීමේ පහසුව විප්ලවීය වෙනසකට ලක්කිරීමයි. කාර්යබහුල පුද්ගලයන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ විදේශයන්හි සිටින පුද්ගලයන්ට මෙමගින් රාජ්‍ය ආයතන සම්බන්ධ කටයුතු, බැංකු සේවාවන්, ව්‍යාපාර සම්බන්ධ සේවා, ඩිලිවරි සේවා සහ භාණ්ඩ මිලදීගැනීම් වැනි සේවා රාශියක් ලබාගැනීමට හැකි වනවා. මෙය තාක්ෂණය භාවිතා කරමින් පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් අප සතු අරමුණු හා ඉලක්කවලට සමගාමී මෙහෙවරක් ලෙස හැඳින්විය හැකියි.” SLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

“පෞද්ගලික සහකාර සේවා පෙරළියකට ලක්කරමින් රටේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා SLT-MOBITEL සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. වර්තමාන අධිවේගී ලෝකය තුළ සහනදායී හා විශේෂයෙන් සකස් කළ පෞද්ගලික සහකාර සේවා සඳහා ඇති ඉල්ලුම හඳුනාගත් නිසා අප Duthaya සේවාව ආරම්භ කළා. Duthaya app මගින් අප සිදුකරන්නේ, එදිනෙදා ජීවිතයේ පැනනගින අවශ්‍යතා කාර්යක්ෂම ලෙස ඉටුකළ හැකි දූතයන් සමග පාරිභෝගිකයන් සම්බන්ධ කිරීමයි. SLT-MOBITEL යනු ජීවිත සරල කිරීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් අප දරන ඉලක්කවලට සමාන ඉලක්ක සහිත, දීපව්‍යාප්ත ආවරණ පරාසයක් ඇති සමාගමක්. ඔවුන් සමග එක් වී අපගේ ජංගම යෙදුම හරහා රට තුළ පෙරළියක් සිදුකිරීම අපගේ ඉලක්කයයි.” Duthaya Digital Services හි අධ්‍යක්ෂ තරීන්ද්‍ර ඩී. කල්පගේ මහතා පැවසී ය.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව