කොමර්ෂල් බැංකුව කළුතර වෙරළ තීරය පිරිසිදුව පවත්වා ගැනීම උදෙසා, ‘ලයිෆ් ටු අවර් බීචස්’ සමග සම්බන්ධ වෙයි

BSL partnership (LBN)

 



 

 

කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක කොටසක් ශුද්ධ-පවිත්‍ර කිරීම සහ නඩත්තු කිරීම උදෙසාද අරමුදල් සපයනු ඇත. කළුතර දකුණ දුම්රිය ස්ථානය ඉදිරියෙහි මෙම ‘බීච් පාර්ක්’ ප්‍රදේශය පිහිටා ඇත.

‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහන සමුද්‍ර පරිසර ආරක්‍ෂණ අධිකාරිය, සමෘද්ධි දෙපාර්තමේන්තුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා ආයතනය සහ තවත් සහයෝගී ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන සාමුහික ප්‍රයත්නයකි. එකතුවුන අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සහතික කිරීම මගින්, මෙම වැඩසටහන ජෛව විවිධත්වය සහ පරිසර සංරක්‍ෂණයේ ජාතික අරමුණු සඳහා දායක වෙයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් තෝරාගත් භාරකාර පවුලකට පැවරෙනු ඇත. එම වෙරළ භාරකාර පවුලට මාසික ගෙවීම්, උපකරණ සහ අනෙකුත් පරිභෝජන ද්‍රව්‍යවල පිරිවැය, වෙරළ නඩත්තු කළමනාකරණය සහ අධීක්ෂණයද කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහයෙන් ආවරණය කෙරෙයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව මේ වන විට විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි. පානම සමුද්‍ර කැස්බෑ සංරක්‍ෂණ වැඩසටහන, කොග්ගල කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සහ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක විනාශ වූ වාසභූමියක නැවත වනවගා ව්‍යාපෘතිය වැනි වැඩසටහන් මේ අනුව ක්‍රියාත්මක කෙරෙයි. මෙලෙස බැංකුව මේ වන විට පරිසරයට සම්බන්ධ ආයතනික සහ සමාජ වගකීම් ඇතුළත් ක්‍රියාකාරකම් රාශියකට තම සහාය ලබාදී ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව