රොසෙල් හි නව සංකල්ප මන්දිරය වත්තලදී විවෘත වූ වගයි

Image 01 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය නවතම සංකල්ප මන්දිරය වත්තලදී පසුගියදා විවෘත කරන ලදී. දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයට එක්කෙරුණු 74 වෙනි ප්‍රදර්ශනාගාරය මෙය වන අතර ශ්‍රී ලාංකිකයින්ට සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් අඛණ්ඩව ලබාදීමට රොසෙල් නිරන්තරයෙන් කැපවී සිටී.

Royal Ceramics Lanka PLC හි ප්‍රමුඛතම සන්නාමය වන “රොසෙල්”, සෑම නිෂ්පාදනයක්ම විශිෂ්ට නිර්මාණකරණයකින්, ඉහළ ගුණාත්මකබවින් සහ නවෝත්පාදනයන් සංකලනය කරමින් පාරිභෝගිකයාට ඉහළම තෘප්තියක් ලබා දෙන ආකාරයට නිපදවනු ලබයි. මෙම නව ප්‍රදර්ශනාගාරය, රොසෙල්හි විශිෂ්ටත්වය සහ අවකාශ අලංකරණය ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් තුළ වූ නොසැලෙන කැපවීම පිළිබඳ  අගනා සාක්ෂියකි. එය සුඛෝපභෝගීත්වය සහ ශිල්පීයත්වය එකට මුසුවූ නවමු අත්දැකීමකි. පුළුල් පරාසයක සංකල්ප සහ මතුපිට නිමාවන්ගෙන් යුත් සිත් ඇදගන්නාසුළු Floor ටයිල් සහ Wall ටයිල් සිට අසමසම අලංකාරය සහ ක්‍රියාකාරීත්වය මුසු කරන බාත්වෙයාර් උපාංග දක්වා සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට රොසෙල්හි කැපවීම ඔවුන්ගේ නව සංකල්ප මන්දිරය තුළින් මනාව විදහා දැක්වෙයි.

තවද, ජර්මානු තාක්‍ෂණයෙන් නිෂ්පාදනය වන බාත්වෙයා උපාංගවල ලොව අංක එකේ සන්නාමයක් වන Hansgrohe නිෂ්පාදන ද මෙහිදී ඔබ වෙත ප්‍රදර්ශනය කෙරෙන අතර ‘Powder Rain’ වැනි නවෝත්පාදනයන් අත්විඳීමට පාරිභෝගික ඔබ සඳහා අවස්ථාව උදාකර ඇත.

Royal Ceramics Lanka PLC හි අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය මේ අවස්ථාව පිළිබඳ සිය අදහස් මෙලෙස ප්‍රකාශ කළේය.” නව නිර්මාණකරණය අපගේ ක්‍රියාවලියේ හදවතයි. මෙම 74 වන සංකල්ප මන්දිරය, ජාත්‍යන්තර ප්‍රමිතියේ නිර්මාණයන් අපගේ පාරිභෝගිකයින් වෙත සමීප කරයි. ලොව අග්‍රගන්‍ය නිර්මාණකරුවන් සමඟ එක්ව ගුණාත්මක බවින් ඉහළ ටයිල් සහ බාත්වෙයා නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත ලබාදීමට අපි කැපවෙන අතර මෙම සංකල්ප මන්දිරය එම ගමන්මගේ තවත් එක සැමරුමක්.”

රොසෙල් ඔබගේ ජීවන අවකාශය තුළ විශිෂ්ට නිර්මාණකරණයේ ප්‍රමුඛයා වේ. වසර ගණනාවක සිට නවෝත්පාදනයන් සහ විශිෂ්ට ගුණාත්මකබව සමඟින්, නිෂ්පාදන ශ්‍රී ලාංකිකයින් වෙත තිලිණ කිරීමට රොසෙල් අඛණ්ඩව කැපවී සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව