වාහන සහ යන්ත්‍ර සූත්‍ර ලීසිං සඳහා අඩුම ගාස්තු සමඟින් කොමර්ෂල් බැංකුවේ ‘Leasing Fiesta’ නැවතත්

Leasing Fiesta 2023 (LBN)

 



 

 

වාහන ලීසිං සඳහා වෙළඳපොලේ පවතින අඩුම මිල ගණන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමමින් කොමර්ෂල් බැංකුවේ ජනප්‍රිය සීමිත කාලීන ප්‍රවර්ධනය මෙම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවතත් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ‘ලීසිං ෆියෙස්ටා’ ප්‍රවර්ධනය 2023 සැප්තැම්බර් 27 දක්වා ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇති අතර, ඒ යටතේ වසර පහක කල්බදු සඳහා සෑම රුපියල් 100,000 කට ම රුපියල් 2094 සිට වන මාසික වාරික ලබා දෙයි. පුද්ගලික භාවිතය සඳහා නව හෝ පෙර භාවිත කළ වාහන මිලදී ගැනීම, වාණිජ සහ කෘෂිකාර්මික වාහන සහ යන්ත්‍රෝපකරණ මෙම ප්‍රවර්ධනය මගින් ආවරණය කෙරේ.

තවද, රක්ෂණ වාරික පියවීම සඳහා පහසු ගෙවීමේ සැලසුම්, අමතර කොටස් මිලදී ගැනීමේදී සහ වාහන නඩත්තු සේවා සඳහා වට්ටම් ලබා දීම වැනි විශේෂ ප්‍රතිලාභ, කඩිනම් සහ කරදරයකින් තොර ක්‍රියාවලියක් සහ ඉක්මන් ලීසිං පහසුකම් කිරීම් ද සංවිධානය කරන බව බැංකුව පවසයි.

මීට අමතරව, බැංකුවේ සුපර් ලීසිං සහ හයිබි‍්‍රඞ් ලීසිං පහසුකම් ඇතුළුව තනි පුද්ගල ආදායම් රටාවන්ට ගැළපෙන පරිදි සකස් කළ ලීසිං පැකේජ ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිය.

කොමර්ෂල් බැංකුවේ සුපර් ලීසිං පහසුකම් මගින් අති සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික, පහසුගෙවීමේ ක්‍රම සහ කලින් මුදල් පියවීමේදී අඩු ගාස්තු යටතේ ලබාගැනීමේ අවස්ථාව බැංකුව විසින් ලබාදී තිබේ. මේ අතර, බැංකුවේ හයිබි‍්‍රඞ් ලීසිං පහසුකම යටතේද අධි සුඛෝපභෝගී වාහන අඩුමිල වාරික වලට ලබාගත හැකි අතර පළමු වසර තුළදී සාමාන්‍ය වාරික මුදලෙන් අඩක් ගෙවීමේ අවස්ථාවද ඉතිරි ලීසිං කාල සීමාව තුළදී සාමාන්‍ය වාරිකය ගෙවා දැමීමට මෙහිදී පාරිභෝගිකයින්ට හැකිවේ. ඉතිරිවන මුදල අවසාන ලීසිං වාරිකයෙන් ගෙවා දැමිය යුතුවේ. ඉතිරිවන මුදල් ගෙවීම සඳහා ලීසිං කාල සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කර ගැනීමේ අවස්ථාවද මෙහිදී ගනුදෙනුකරුවන්ට ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව