DFCC බැංකුව DFCC Galaxy සමගින් Metaverse තුළ ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

Metaverse with DFCC Galaxy (LBN)

 



 

 

DFCC බැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙය ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාරී හා පුරෝගාමී පියවරක් වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වේ.

DFCC Galaxy මගින් ගනුදෙනුකරුවන්ට Virtual ශාඛාවක අත්දැකීම විඳගන්නා අතරම, වෙනත් පරිශීලකයන් සමග සම්බන්ධ වීමට සහ විවිධ ක්‍රීඩාවන්හි නිරත වීමට මෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමටද අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙමගින් ඔවුන්ට පැය 24 පුරා ක්‍රියාත්මක චැට්බොට් සේවාවක් සමග සම්බන්ධ වීමටත්, සජීවී පාරිභෝගික සහය සේවාව භාවිතා කිරීමටත් හැකියාව ලැබේ. ඕනෑම ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම Virtual ශාඛාව ශ්‍රී ලාංකිකයන්ට නැවුම් අත්දැකීමක් වනු නො-අනුමාන ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසුවේ, DFCC Galaxy දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන්  තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි. “මෙය අපට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත්‍රයටම වැදගත් වන සුවිශේෂී සන්ධිස්ථානයක්. නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා ආකර්ෂණීය ලෙස බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප දක්වන උත්සාහය මෙමගින් මනාව පැහැදිලි වනවා. ඩිජිටල් නවෝත්පාදනය සහ එහි භාවිතය යනු DFCC බැංකුවේ අවධානය යොමු වන ප්‍රධානතම අංශ දෙකක්. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ පරිසර සංවර්ධන මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා DFCC බැංකුව සකස් කර ඇති සැලසුම් තුළ මේ බව පැහැදිලිව දක්වා තිබෙනවා. අභියෝගවලට මුහුණ දිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා, Virtual බැංකුකරණය සහ ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම අත්‍යවශ්‍යයි. ඒ ගමනේ පුරෝගාමියෙකු වීමට හැකි වීම අපට ආඩම්බරයක්.” තිමල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් වන DFCC බැංකුව මේ ආකාරයට Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කිරීමට කටයුතු කළේ, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට වඩාත් හොඳ අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණිනි. මින් ඉදිරියට DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාට, DFCC බැංකුවේ මූල්‍ය සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට මෙන්ම ගිණුම් විවෘත කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කිරීම වැනි කටයුතු සඳහා සහය ලබාගැනීමට DFCC Galaxy භාවිතා කළ හැකි වේ. ඕනෑම කෙනෙකුට දැන් https://galaxy.dfcc.lk/ හරහා DFCC Galaxy වෙත පිවිසී ශ්‍රී ලංකාවේ ප්‍රථම Metaverse බැංකුකරණ අත්දැකීම විඳගත හැක.

පාරිභෝගික-කේන්ද්‍රීයත්වය, තිරසාර සංවර්ධන කටයුතු සඳහා මූල්‍යකරණය සහ සමාජයේ ප්‍රගතිය යන සාධක මගින් මෙහෙයවනු ලබන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා අවකාශය තුළ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් වඩාත්ම පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින බැංකුවකි. AI තාක්ෂණය භාවිතා කරමින් ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ ලබාදෙන සුවිශේෂී පාරිභෝගික සහය සේවාව, DFCC Video Chatz සහ ඩිජිටල් බැංකුකරණ යෙදවුම්, මූල්‍ය හා ජීවන රටා අවශ්‍යතාවන් සපුරාලන DFCC Virtual Wallet, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ අනෙකුත් ව්‍යාපාරවලට අවශ්‍ය මුදල් කළමනාකරණ විසඳුම් ලබාදෙන DFCC iConnect ඇතුළු පුරෝගාමී සේවාවන් රාශියක් DFCC බැංකුව මේ වනවිට හඳුන්වා දී ඇත. එමෙන්ම ඩිජිටල් බැංකුකරණ සේවාවන් හරහා ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමටද DFCC බැංකුව කැප වී සිටී. DFCC Galaxy යනු මෙම මෙහෙවරෙහි තවත් වැදගත් ඉදිරි පියවරකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව