Everbolt Engineering සමාගම ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

EVERBOLT (LBN)

 



 

 

විදුලි ඉංජිනේරු හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛ සමාගමක් වන එවර්බෝල්ට් ඉංජිනියරින් පෞද්ගලික සමාගම ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාර විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශයේ දෙවැනි ස්ථානය දිනා ගත් අතර සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි.

කාර්මික අවශ්‍යතා සඳහා වන ස්වයංක්‍රීය නිෂ්පාදන සපයන කුඩා සමාගමක් ලෙස 2015දී ඇරඹූ එවර්බෝල්ට් සමාගම වර්තමානයේදී ප්‍රමුඛ පෙළේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදකයන් සහ කර්මාන්තශාලා ඇතුළු පාර්ශ්ව රැසකට පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවා සපයයි.

panel accessories, pneumatics accessories, contactors and miniature circuit breakers (MCB), industrial plugs and sockets, variable speed drivers, sensors, image processing cameras, controllers, stepper motors, drives, සහ signal lights එවර්බෝල්ට් සමාගමේ නිෂ්පාදන අතර වැඩිම ඉල්ලුමක් සහිත ඒවා වේ. එවර්බෝල්ට් සමාගම සපයන සේවා අතර යන්ත්‍ර සහ කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය, කාර්මික පැනල් පුවරු, ක්‍රියාවලි අධීක්ෂණ සහ පාලන පද්ධති, බලශක්තිය ඉතිරි කිරීමේ විසඳුම්, බලශක්ති අධීක්ෂණ පද්ධති සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වේ.

2018දී සිය සහෝදර සමාගම් වන “Everbolt Engineering Services” JIP Technology අරඹමින් සේවා අංශයට පිවිසීම, 2020දී Everbolt International පෞද්ගලික සමාගම අරඹමින් ජාත්‍යන්තරයට පිවිසීම සහ 2022දී ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබීම එවර්බෝල්ට් සමාගමේ සුවිශේෂ සන්ධිස්ථාන වේ.

“ව්‍යාපාරයක් සාර්ථකවීමට නම් නිෂ්පාදන හා සේවාවල ගුණාත්මකභාවය සහ විශිෂ්ට පාරිභෝගික සම්බන්ධතා යන කාරණා ඉතා වැදගත්. අපි සෑම විටම ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත් පාරිභෝගිකයන්ට ඉහළම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සහ සේවා සැපයීමටත් ක්‍රියා කරනවා. එවර්බෝල්ට් සමාගමට මේ සම්මානය ලැබුණේ අප කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගිකයන් සහ සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වන කාර්ය මණ්ඩලය නිසා බව කිව යුතුමයි.” එවර්බෝල්ට් සමාගමේ විධායක අධ්‍යක්ෂ චමිල ප්‍රභාත් ගුරුගේ මහතා පැවසුවේය

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව